Site icon Newshub

වසරකට ශ්‍රී ලංකාවේ ජීවිත 20000ක් නැතිකරන මාරයා

දුම්පානය හේතුවෙන් මෙරටෙහි වාර්ෂිකව පුද්ගලයන් 20,000ක් පමණ මරණයට පත්වන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්, විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා පවසනවා.

ඔහු පෙන්වා දුන්නේ දුම්පානය නොකරන ලෙසට කොපමණ උපදෙස් හා සෞඛ්‍ය අවවාද ලබා දුන්නද ජනතාව ඒවා නොසලකා හරින බවයි.

එසේම මද්‍යසාර භාවිතය සහ සෞඛ්‍ය සම්පන්න නොවන ආහාර භාවිතය හේතුවෙන් සිදුවන මරණ ප්‍රමාණයේ ද, යම් වර්ධනයක් පෙන්නුම් කරන බව ලේකම්වරයා අවධාරණය කළේය.

ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේ සෞඛ්‍ය සේවාව ලබා ගැනීම අයිතිවාසිකමක් බවත් ඒ අනුව සෞඛ්‍ය සේවාව ලැබීමේ හිමිකම ඇති නමුත් වළක්වා ගත හැකි මරණ වළක්වා ගැනීමට හා අනවශ්‍ය ලෙස සෞඛ්‍ය සඳහා වැයවන රජයේ මුදල් ඉතිරි කර ගැනීමට සියලු දෙනා අවබෝධයෙන් කටයුතු කළ යුතු වන බවයි.

Exit mobile version