Site icon Newshub

චීන යුද පුහුණු නැවකට ලංකා මුහුදු සීමාවට පැමිණීමට අවසර

චීන යුද පුහුණු නෞකාවකට මේ මාසයේදී ලංකා මුහුදු සීමාවට පැමිණීමට අවසර දුන් බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් මහතා පවසනවා.

එම චීන යුද නැව පැමිණීම ශ්‍රී ලංකාවේ ආරක්ෂාවට බලපෑමක් නොවන්නේ යැයි ද අමාත්‍යවරයා කීය.

මීට පෙරද ඇමරිකා, ඉන්දියා, ජර්මන් යුද අභ්‍යාස නෞකා ලංකා මුහුදු සීමාවට පැමිණ තිබෙන්නේ යැයි ද කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට සහභාගී වෙමින් විජිත හේරත් මහතා වැඩිදුරටත් කියා සිටියා.

Exit mobile version