Site icon Newshub

2023/2024 ගෙව්වේ නැති බදු ගෙදරටම ගොස් එකතු කරන්න යයි

2023/2024 තක්සේරු වර්ෂයට අදාළව මෙතෙක් බදු නොගෙවූ පුද්ගලයින්ගේ පරිශ්‍ර වෙත ගොස් බදු අය කරගැනීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.

අද (07) සිට මෙම වැඩපිළිවෙල ආරම්භ කිරීමට නියමිත බව වාර්තා වේ.

මේ වසරේ සැප්තැම්බර් 30 වැනිදා වනවිට රුපියල් බිලියන 1,417ක් බදු වශයෙන් අය කරගෙන ඇති බව ද එම දෙපාර්තමේන්තුව සඳහන් කළා.

2023 – 2024 තක්සේරු වර්ෂයේ ආදායම් බදු ගෙවීම් කාලසීමාව සැප්තැම්බර් 30 වනදායි අවසන් වු බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සඳහන් කලා.

යම් තැනැත්තෙක් බදු ගෙවීම පැහැර හරින්නේ නම් නොගෙවන හෝ ප්‍රමාද වී ගෙවන ආදායම් බදු වෙනුවෙන් නීති ප්‍රකාරව දණ්ඩනයකට සහය පොලියකට යටත් වන බවත්, එම දඩ හෝ පොලී අඩු කිරීමක් හෝ ඉවත් කිරීමක් සිදු නොකරන බවත් ඔවුන් සඳහන් කරනවා.

කෙසේ නමුත් හිඟ බදු පවතීනම් ඒ සියල්ල ඔක්තෝම්බර් මස 30 වනදාට හෝ ඊට පෙර ගෙවා අවසන් කළ යුතු බවයි දේශීය ආදායම් දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරනවා.

Exit mobile version