Site icon Newshub

තෙල් මිල එකපාර, එකසිය ගණන් දෙසීය ගණන් වලින් අඩුකරන්න බෑ – ඇමති විජිත

ඉන්ධන මිල එකවරම රුපියල් එකසිය ගණනකින් හෝ දෙසීය ගණනකින් අඩුකළ නොහැකි බව අමාත්‍ය විජිත හේරත් පවසනවා.

අමාත්‍යවරයා මේ බව කියා සිටියේ අද(01) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියකු යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්

ජනාධිපතිවරණ සමයේදී ඉන්ධන මත අධික බද්දක් පනවා ඇති බවත් එමනිසා ඉන්ධන මිල වැඩිවී ඇති හෙයින් ජාතික ජන බලවේග රජයක් යටතේ එම අධික බදු ඉවත්කර ජනතාවට සහන ලබාදෙන බවට කියා සිටි හෙයින් මෙවර ඉන්ධන මිල සංශෝධනයේදී එම බදු ඉවත්කිරීම සම්බන්ධයෙන් සලකා බැලුවේද යන්න අමාත්‍යවරයාගෙන් මාධ්‍යවේදීන් විමසා සිටියා.

එයට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා කියා සිටියේ ඉන්ධන මිල විශාල වශයෙන් අඩුකිරීමට තමන් කැමති වුවත් ලාභ පාඩු තත්ත්ව සලකා බලා ඉන්ධන මිල සංශෝධනය කර ඇති හෙයින් එකවර එකසිය ගණනින් දෙසීය ගණනින් ඉන්දහන මිල අඩුකලහොත් එය මූල්‍ය තත්වයට බලපානු ඇති බවයි.

එමෙන්ම ක්‍රම ක්‍රමයෙන් ආර්ථිකය ශක්තිමත් කිරීමත් සමඟම ඉන්ධන මිලට තවත් සහන ලබාදීමට කටයුතු කරන බවත් කියා සිටි අමාත්‍යවරයා මෙම මිල අඩුකිරීමත් සමඟම බස් ගාස්තු, නිෂ්පාදන ගාස්තු සහ ත්‍රී රෝද ගාස්තු අඩුකිරීමට බලාපොරොත්තු වන බවද කියා සිටියා.

මෙවර ඉන්ධන මිල සංශෝධනය ඛනිජ තෙල් සංස්ථාව සමාලෝචනයකින් අනතුරුව කළ බවත් එය මිල සූත්‍රය අනුව නොකළ බවත් අමාත්‍යවරයා කියා සිටියා.

Exit mobile version