Site icon Newshub

මන්ත්‍රී වරප්‍රසාද පිළිබඳ හොයලා බලන්න ත්‍රිපුද්ගල කමිටුවක්

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ, ඇමතිවරුන්ගේ සහ හිටපු ජනාධිපතිවරුන්ගේ හිමිකම් දීමනා සහ වරප්‍රසාද නැවත සලකා බැලීම පිළිබඳව කමිටුවක් පත් කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබෙනවා.

දැනට පවතින අණපනත් අධ්‍යයනය කර වාර්තාවක් ඉදිරිපත් කිරීමට ත්‍රිපුද්ගල කමිටුවක් පත් කළ බව කැබිනට් තීරණ දැනුම් දෙමින් අමාත්‍ය විජිත හේරත් කියා සිටියා.

එම කමිටුවේ සාමාජිකයින් ලෙස,

විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කේ.ටී. චිත්‍රසිරි මහතා (සභාපති)
විශ්‍රාමික අමාත්‍යාංශ ලේකම් ඩී. දිසානායක මහතා
විශ්‍රාමික දිස්ත්‍රික් ලේකම් ජයන්තා බුළුමුල්ල මහත්මිය පත්කර තිබේ.

අමාත්‍ය විජිත හේරත් මහතා පැවසුවේ, එම කමිටුව සකසන වාර්තාව කැබිනට් මණ්ඩලයට යොමු කර ඒ අනුව ඉදිරි තීරණ ගන්නා බවයි.

පසුගිය ජනාධිපතිවරණ සමයේ වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට සහ හිටපු ජනාධිපතිවරුන්ට සහ එම පවුල් වලට ලබාදෙන වරප්‍රසාද සම්බන්ධයෙන් දැඩි ලෙස විවේචන ඉදිරිපත් කළ අතර බලයට පත්වූ විට එම වරප්‍රසාද ඉවත් කරන බවද කියා සිටියා.

Exit mobile version