Site icon Newshub

අවම බස් ගාස්තුව රුපියලකින් අඩුකෙරේ – නව මිල ගණන් මෙන්න

අද (ඔක්. 1) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි බස් ගාස්තු 4.24%කින් අඩු කරන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසයි.

ජාතික ගමනාගමන කොමිෂන් සභාව නිවේදනය නිකුත් කරමින් මේ පිළිබඳ සඳහන් කළේ ය.

ඒ අනුව, රුපියල් 28ක් වූ අවම බස් ගාස්තුව රුපියලකින් අඩු වන අතර එහි නව ගාස්තුව රුපියල් 27කි.

ඉන්ධන මිල සංශෝධනය වීම හේතුවෙන් බස් ගාස්තු මිල ද සංශෝධනය කරන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව සඳහන් කළේ ය.

Exit mobile version