Site icon Newshub

ජනපතිගේ පැමිණීමෙන් පොත් ප්‍රදර්ශනයේ ප්‍රශ්නයක්?

ජනාධිපති අනුර කුමාර දිසානායක අද(28) කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය නැරඹීම සඳහා ගොස් තිබෙනවා.

පොත් ප්‍රදර්ශනය නැරඹීමට පැමිණි ජනාධිපතිවරයා රැස්ව සිටි පිරිස සමඟ සුහඳව කතානාහක යෙදුන අතර ඔහු එම පරිශ්‍රයේ රැඳී සිටි අතරතුර ඉතා දැඩි තදබදයක් ඇතිව තිබෙනවා.

ජනාධිපතිවරයා පැමිණි මොහොතේ සිට විශාල ප්‍රමාණයක මාධ්‍යවේදීන් පිරිසක් සහ ආරක්ෂක නිලධාරීන් පිරිසක් ජනපති සමඟ ගමන් කරමින් තිබෙන අතර පොත් ප්‍රදර්ශනයේ සිටි ඇතැමුන් ඒ සම්බන්ධයෙන් සමාජ මාධ්‍යයේ අදහස් දක්වා තිබුනේ මෙලෙසයි

සාහිත්‍ය මාසය නිමිති කරගනිමින් ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය වාර්ෂිකව සංවිධානය කරන මෙම පොත් ප්‍රදර්ශනය කොළඹ, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී පැවැත්වෙනවා.

එය ඊයේ (27) දිනයේ ආරම්භ වූ අතර ඔක්තෝබර් 06 දක්වා පැවැත්වීමට නියමිතයි.

මෙවර ප්‍රදර්ශනය පැවැත්වෙන්නේ 25 වන සංවත්සරයද සමරමින්.

පොත පත කෙරෙහි උනන්දුව දක්වන විශාල පිරිසක් ඒකරාශී කරන මෙම ප්‍රදර්ශනය කොළඹදී පැවැත්වෙන දැවැන්තම ප්‍රදර්ශන කිහිපයකින් එකක්.

Exit mobile version