Site icon Newshub

ලංකාව සතු නිල විදෙස් සංචිත ප්‍රමාණය මහ බැංකුව කියයි

මෙරට නිල සංචිත වත්කම් ප්‍රමාණය 2024 අගෝස්තු මාසය අවසන් වනවිට අමෙරිකානු ඩොලර් බිලියන 6.0ක් බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කරනවා.

චීන මහජන බැංකුවෙන් ලද විදේශ විනිමය හුවමාරු පහසුකමෙහි ලැබීම් ද මෙහි අන්තර්ගත වේ.

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් දළ නිල සංචිත (GOR) ඉහළ නැංවීම සඳහා 2024 වසරේ මේ දක්වා දේශීය වෙළෙඳපොළෙන් සැලකිය යුතු විදේශ විනිමය ප්‍රමාණයක් මිලදී ගැනීමට පියවර ගෙන තිබූ බවද සඳහන් කරනවා.

Exit mobile version