Site icon Newshub

ඉදිරි කාලයට රටට අවශ්‍ය ඉන්ධන සහ මුදල් ඉතිරි කර ගිය හිටපු ජනපතිට ස්තුතියි – චතුරංග

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කිසිඳු අපහසුතාවයකින් තොරව පත්වූ නව ජනාධිපතිවරයාට ඉඳිරි මාස 03ක කාලයක් සඳහා රට ඉදිරියට ගෙන යාමට අවශ්‍ය තත්වය සහිතව බාරදුන් බවට ජාතික ජන බලවේගයේ විධායක සභික චතුරංග අබේසිංහ පවසනවා.

පෞද්ගලික නාලිකාවක දේශපාලන සංවාදයකට එක්වෙමින් ඒ මහතා මේ බව කියා සිටියා.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි කාලය සඳහා රටට අවශ්‍ය කරන ඉන්ධන ඇනවුම් කර භාවිතයට ගතහැකි පරිදි ඩොලර් විශාල ප්‍රමාණයක් ඉතිරි කරයාම සම්බන්ධයෙන් චතුරංග අබේසිංහ මහතා ස්තුතිවන්ත වූ අතර රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධුරයෙන් නික්ම යාමේදී කිසිඳු කඩාකප්පල් කාරී ක්‍රියාවක් සිදුකර නැති බවට මෙහිදී සඳහන් කළේය.

“කිසිම sabotage එකක් නෑ. ඇත්තටම මේක කඩාකප්පල් කිරීමේ අරමුණෙන් තෙල් Order කරන්නේ නැතුව. සල්ලි හිරකරලා එහෙම ප්‍රශ්නයක් නෑ

ස්තූතිවන්ත වෙනව , එතුමට අපිට අපේ කටයුතු රටවැසියන් වෙනුවෙන් කරගෙන යන්න ඉතාමත් පහසු වාතාවරණයක් හදල දීලා ගියාට”

එමෙන්ම පැවැත්වීමට නියමිත මහා මැතිවරණය සඳහා අවශ්‍ය මුදල් ජනාධිපති බලතල යටතේ මධ්‍යම අරමුදලෙන් ලබාගන්නා බවත් මැතිවරණයේ දී පොරොන්දු වූ සහන ලබාදීමට අවශ්‍ය මුදල් 2025 අයවැය මඟින් වෙන්කරන බවත් ඒ මහතා සඳහන් කර සිටියා.

 

Exit mobile version