Site icon Newshub

2024 ජනාධිපතිවරණ ඡන්ද වීමසීම අවසන්

2024 ජනාධිපතිවරණයට අදාළ ඡන්ද විමසීම අද (21) පෙරවරු 7.00 ට ආරම්භ වී පස්වරු 4.00 ට ඡන්ද විමසීම නිල වශයෙන් අවසන් වුණා.

මෙවර ජනාධිපතිවරණය වෙනුවෙන් ලියාපදිංචි ඡන්ද දායකයින් 17,140,354 ක් ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබා තිබෙන අතර ඔවුන් වෙනුවෙන් දිවයින පුරා ඡන්ද මධ්‍යස්ථාන 13,421ක් ස්ථාපිත කර තිබුණා.

ජනාධිපති අපේක්ෂකයින් 38 දෙනෙකු ඉදිරිපත් විය.

මෙවර ජනාධිපතිවරණය තුළ කිසිදු ප්‍රචණ්ඩ ක්‍රියාවක් වාර්තා වී නොමැති බව අප වාර්තාකරුවන් ප්‍රකාශ කර සිටියා.

අද පස්වරු 4.00 ට අවසන් වු ඡන්ද වීමසීම ඡන්ද ගණන් කරන මධ්‍යස්ථාන වෙත රැගෙන යාමට මේ වන විට සියළු කටයුතු සුදානම්.

Exit mobile version