Site icon Newshub

නාමල් + සජිත් + මාධ්‍ය නාලිකාවක් එකතු කරලා ගහපු ගේම ෆේල් බැසිල් රටින් පනී.!

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සහ ආර්ථික අර්බුදයේ නිර්මාතෘ හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ නැවත ඇමරිකා එක්සත් ජනපදය බලා පිටත්ව ගොස් තිබේ.

පසුගිය මාස කිහිපය පුරා ජනාධිපති රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරණයෙන් පරාජය කරවීම සඳහා දැඩි කැපවීමකින් ක්‍රියාකල ඒ මහතා පොදුජන පෙරමුණේ අපේක්ෂකතවය සඳහා නාමල් රාජපක්ෂ ඉදිරිපත් කලා.

මැතිවරණ වේදිකාවේදී නාමල් රාජපක්ෂ්ග ඇතුලු පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉලක්ක කරමින් ප්‍රභල වාග් ප්‍රහාර එල්ල කල අතර පොහොට්ටුවේ ජන්ද රනිල් වික්‍රමසිංහ වෙත ප්‍රකාශ වීම වැලැක්වීමට ඔවුන් දැඩි උත්සාහයක නිරත වුනා.

නාමල් – සජිත් ඩීල් එක.?

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ අතර “ඩීල්” එකක් පවතින බවට බොහෝ දෙනෙක් පැවසූ අතර එය පසුගිය සමයේ දැඩි ආන්දෝලනයට ලක්වූ කරුණක්.

සමඟි ජනබලවේගයෙන් ඉවත්වූ තලතා අතුකෝරාළ මහත්මියද පසුගියදා මැතිවරන වේදිකාවකදී මේ පිළිබඳව සජිත් ප්‍ර්‍රෙමදාසට අභියෝග කරමින් විමසා සිටියා.

මාධ්‍ය නාලිකාවක ගේම් එක ෆේල්!

සජිත් ප්‍රේමදාස මහතා ජයග්‍රහණය කරවීම සඳහා මාධ්‍ය නාලිකාවක් අමු අමුවේ කඩේ යාම පසුපස සිටින්නේද බැසිල් රාජපක්ෂ මහතා බව දේශපාලන ආරංචිමාර්ග ප්‍රකාශ කරනවා. කෙසේ වෙතත් එම “ගේම් එක” මේ වනවිට අසාර්ථක වී ඇති අතර හෙට පැවැත්වෙන මැතිවරණයෙන් සජිත් ප්‍රේමදාසට දේශපාලනික වශයෙන් කණගාටුදායක ඉරණමකට මුහුණ දීමට සිදුවනු ඇති බව දේශපාලන විශ්ලේෂකයින්ගේ මතයයි.

Exit mobile version