Site icon Newshub

ජනපති ප්‍රධානත්වයෙන් ජාතික ආරක්ෂක කවුන්සිලය රැස්වෙයි

ජාතිකආරක්ෂක කවුන්සිලය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (19) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී රැස්වී තිබෙනවා.

එළඹෙන 2024 ජනාධිපතිවරණය ස්වාධීන හා නිදහස් මැතිවරණයක් ලෙස පැවැත්වීමට අවශ්‍ය ආරක්ෂක විධිවිධාන සැලසීම පිළිබඳව මෙහිදී සාකච්ඡාවට ලක් කෙරිණි.

මැතිවරණ දිනයේදී රට තුළ නීතිය හා සාමය ආරක්ෂා කිරීම, අපේක්ෂකයන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම, ඡන්ද මධ්‍යස්ථාන සහ ඡන්ද ගණන් කරන ස්ථාන ආශ්‍රිත ආරක්ෂාව සහතික කිරීම සඳහා මැතිවරණ කොමිසමට අවශ්‍ය පූර්ණ සහාය ලබාදීම පිළිබඳව මෙහිදී සාකච්ඡා වී තිබේ.

එසේම පශ්චාත් මැතිවරණ සමයේදී රට තුළ නීතිය හා සාමය ආරක්ෂා කරමින් ජනතාවගේ දෛනික ජීවිත අදාළ නොවන පරිදි පවත්වාගෙන යාමට හැකි පසුබිම සැලසීමට අවස්ග්‍ය සියලු පියවර ගන්නා ලෙසද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ආරක්ෂක අංශ ප්‍රධානීන්ට උපදෙස් ලබාදී තිබේ.

Exit mobile version