Site icon Newshub

පාර්ලිමේන්තුව විසුරවනවාද? – ජනපති පිළිතුරු දෙයි

පාර්ලිමේන්තුව විසුරවන්නේ ජනාධිපතිවරණයෙන් පසුව පක්ෂ නායකයින් සමඟ සාකච්ඡා කිරීමෙන් අනතුරුව බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

විද්‍යුත් මාධ්‍ය වල මාධ්‍යවේදීන් සමග විශේෂ සාකච්ඡාවකට එක්වෙමින් ජනාධිපතිවරයා මේබව සඳහන් කළේය.

“පාර්ලිමේන්තුව විසුරවන්නේ ජනාධිපතිවරණයෙන් පසුව. අනිකුත් පක්ෂ නායකයින් සමඟ සාකච්ඡා කරලා තීරණය කරලයි විසුරවන්නේ.

අයවැය ඉදිරිපත් කරලා විසුරවනවද නැතිනම් ඡන්දයක් තියලා කෙටිකාලයකින් අයවැයක් ගේනවද කියලා සාකච්ඡා කරන්න අවශ්‍යයි. ඒ අනුව පාර්ලිමේන්තුව විසිරවීම සාකච්ඡාකරලා තීරණය කරනවා. මොකද අයවැය නැතිව යන්න බැහැ.

2025 අයවැයේදී ජනතාවට සහනයක් ලැබේවිද?

2025 දී ජීවනබව සැහැල්ලු කරනවා කියලා මම කියලා තියෙනවා. ඒ සැහැල්ලු කරන්නේ රුපියල ශක්තිමත් කරලා. ඒක අපිට කරන්න පුළුවන්. අනිත් අපේක්ෂකයින් දෙදෙනා කියලා තියෙන්නේ වැට් අඩුකරනවා බදු අඩුකරනවා කියලා. ඒක කරන්න කලින් මුල්‍ය අරමුදල එක්ක කතාකරන්න තියෙනවා. මුලින්ම එයාල එක්ක කතාකරලා ඇවිත් මේක කිව්වනම් හරිනෙ. මමත් යෝජනා කළ අපේක්ෂකයෝ තුන්දෙනාම එක්ක කතාකරමු කියලා. නමුත් ඒක සිදුවුනේ නැහැ.

 

 

 

Exit mobile version