Site icon Newshub

බුද්ධිමත්ව ඡන්දය භාවිතා කරන්න – ජනපති පුරවැසියන්ගෙන් ඉල්ලයි

මෙවර ජනාධිපතිවරණය ඉතා වැදගත් මැතිවරණයක් බැවින් රටේ අනාගතය තීරණය කරන මැතිවරණයේදී බුද්ධිමව ඡන්දය භාවිතා කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනතාවගෙන් ඉල්ලීමක් කළේය.

විද්‍යුත් මාධ්‍ය නාළිකා සියල්ලේම මාධ්‍යවේදීන් සමඟ සිදුකළ සාකච්ඡාවකදී ජනාධිපතිවරයා මේබව ප්‍රකාශ කළේය.

සාම්ප්‍රදායික දේශපාලනය සිදුකිරීම නිසා මීට වසර දෙකකට පෙර ආර්ථිකය කඩා වැටුණු බවද යළිත් අගාධයට යාමට නොහැකි බැවින් බුද්ධිමත්ම ඡන්දය භාවිතා කරන ලෙස ජනාධිපතිවරයා ඉල්ලීමක් කළේය.

“මේක වැදගත් ඡන්දයක්. ඔබේ අනාගතය තීරණය කරන ඡන්දයක්. සම්ප්‍රදායක දේශපාලනය කරන්න ගිහින් අපි අපේ ආර්ථිකය නැති කරගත්තා. අපේ ව්‍යාපාර කඩා වැටුනා. රට ස්ථාවර කිරීමේ මුලික පියවර මම අරගෙන තියෙනවා. තවත් පියවර ගණනාවක් ඇතිකරන්න තිබෙනවා.  ඒදේවල් ඇතිකරන්නම් ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමඟ මේ දෙවල් වෙනස් නොකර අපි මේ කටයුතු සිදුකළ යුතු වෙනවා. ඒ විදිහට ඉදිරියට ගියොත් අපිට දියුණු රටක් ඇති කරගන්න පුළුවන්.  ජනතාවගේ ජීවන බර සැහැල්ලු කරලා තරුණ තරුණියියන්ට හොඳ අනාගතයක් ඇති කරන්න පුළුවන්. ඒ නිසා ඒක මතක තියාගෙන මෙවර ඡන්දය භාවිතා කරන්න කියලා ඉල්ලා සිටිනවා.” යැයි පැවසීය.

Exit mobile version