Site icon Newshub

ඉදිරියෙන්ම සිටින අපේක්ෂකයා ජනපති රනිල්

🔴LIVE " පුළුවන් ශ්‍රී ලංකා " ජනපතිගේ ජන රැළිය - මාතර

මෙවර ජනාධිපතිවරණයේ ඉදිරියෙන්ම සිටින අපේක්ෂකයා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා අද(18දා) මාතර දී පැවසීය.

“පුළුවන් ශ්‍රී ලංකා” ජනහමුවට සහභාගී වෙමින් අමාත්‍යවරයා මේබව ප්‍රකාශ කළේය.

“මාතර ඇතුළු දිස්ත්‍රික්ක 14 ක ජනාධිපතිතුමා ඉදිරියෙන්. ඒවගේම ඉදිරියෙන්ම සිටින අපේක්ෂයා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහත්මයා.

දැන් කතාවක් යනවා මාතර ඉඩම් රජයට ගන්නවා කියලා. ඒක සම්පුර්ණයෙන්ම බොරුවක්. ඒවගේම ගිං නිල්වලා ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන්න සැපසුම්කරලා ඉවරයි. මේ ආණ්ඩුව ජනතාවට හිතකර නොවන කිසිම තීරණයක් ගන්නේ නැහැ කියලා මම කියන්න කැමතියි.‍

ඒවගේම ලබන වසරේ සිට රුපියල් 4100 ට පොහොර දෙන්න අපි කටයුතු කරනවා කියලා මම ජනතාවට කියන්න කැමතියි. රට මේතත්වයට ගේන්න පුළුවන් උනේ ජනාධිපතිතුමාගේ නිවැරදි කළමනාකරණය නිසයි.

මෙහිදී ජනහමුව ඇමතු දකුණු පළාත් ආණ්ඩුකාර ලක්ෂ්මන් යාපා මහතා මෙසේ පැවසීය,

“නාමයෝජනා දෙන්න කලින් දයාසිරි ජයසේකර කිව්වා ජනාධිපතිතුමා පරදිනවනනම් ඡන්දෙ ඉල්ලන්නේ නැහැ කියලා. දිනනවනම් විතරයි ඡන්දෙ ඉල්ලන්නේ කියලා. දයාසිරි කිව්වා හරි මේ මැතිවරණයේදී ජනාධිපතිතුමා අති විශිෂ්ට ජයග්‍රහණයක් ගන්නවා. මම කැට තියලා කියනවා ජනාධිපතිතුමා සුවිශේෂි ජයග්‍රහණයක් ලබාගන්නවා කියලා විශ්වාසයි.

බය නැතිව තීරණ ගන්න කොන්ද කෙළෙින් තියාගෙන වැඩ කරන අනාගතය දකින්න පුළුවන් නායකයා රනිල් වික්‍රමසිංහ මහත්මයා පමණයි.”

 

Exit mobile version