Site icon Newshub

සජීවී 360 ට පුතාNOගෙන් පොල්ලක් – දෙරණෙන් සජිත්ට කනේ පාරක්

අද (17) රාත්‍රි සජීවී ලෙස ප්‍රචාරය කිරීමට නියමිතව තිබූ දෙරණ 360 වැඩසටහනට පැමිණෙන බවට සහතික වී සිටි සමගි ජන බලවේගයේ ජනාධිපතිධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස කිසිදු සාධාරණ හේතුවක් නොදන්වා එය ප්‍රතිකේෂ්ප කර තිබෙනවා.

අදාල වැඩසටහනට සජිත් ප්‍රේමදාස මහතා සහභාගී වන බවට පූර්ව ප්‍රචාරක පට අවස්ථා කිහිපයකදී ප්‍රචාරයට ලක් කළ අතර,එයින් නොනැවතී අරුණ පුවත්පතේ දැන්වීම් ද පළ කොට තිබුණි. ඒ සියල්ල දැනුවත්ව සිටියදී කිසිදු ප්‍රතික්ෂේප කිරීමක් නොකළ සජිත් ප්‍රේමදාස සහ ඔහුගේ මාධ්‍ය කණ්ඩායම විසින් අද උදෑසන ලිපියක් මඟින් සජිත් ප්‍රේමදාස මහතා ඒ සඳහා සහභාගී නොවන බව දැනුම්දී තිබේ.

එය දැනුම් දී ඇත්තේද කිසිදු තර්කානුකූල පදනමකින් තොරවය.

සමගි ජන බලවේගය මාධ්‍ය ලේකම්වරයා ලෙස හඳුන්වා ඇති එරානන්ද හෙට්ටිආරච්චිගේ අත්සනින් යුතු ලිපියකින් දන්වා ඇත්තේ 360 වැඩසටහනට සහභාගී නොවන නිසා අදාළ පූර්ව ප්‍රචාරක දැන්වීම් ප්‍රචාරය නොකරන ලෙසය.

මෙම ප්‍රතික්ෂේප කිරීමට විපක්ෂ නායකවරයාව පොළඹවා ඇත්තේ තවත් නාලිකාවක ප්‍රධානියකු විසින් බවත්,අදාළ ප්‍රධානියා විසින් සජිත් ප්‍රේමදාසගේ හිතවතකු මාර්ගයෙන් මෙම ප්‍රතික්ෂේප කරවීම සිදුකොට ඇති බවත් වාර්තාවේ.

කෙසේ වෙතත් දෙරණ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ යුවරාජ් අතුකෝරල විසින් සමගි ජනබලවේගය වෙත ලිපියක් යොමු කරමින් දන්වා ඇත්තේ අවස්ථා කිහිපයකදීම අදාළ වැඩසටහනට විපක්ෂ නායකවරයා සහභාගී වන බවට සහතික වී තිබියදීත් අතාර්කික පදනම් විරහිත ලිපියක් මගින් එම ආරාධනය හදිසියේම ප්‍රතික්ෂේප කිරීම පිළිබඳවත් බෙහෙවින්ම කණගාටු වන බවයි.

Exit mobile version