Site icon Newshub

අපේ අමාරුම කාලය ඉවරයි – ජනපති

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමඟ මේවනවිට මාස 18 පමණ කාලයක් ඉදිරියට පැමිණ තිබෙන බවත් රටේ ආර්ථිකය සම්බන්ධයෙන් දුෂ්කරම කාලය අවසන් කර ඇති බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය.

රූපවාහිනි නාලිකාවක් සමග සාකච්ඡාවකට එක්වෙමින් ජනාධිපතිවරයා මේබව ප්‍රකාශ කළේය.

මේරටේ වැරදි ආර්ථික ක්‍රමයක් තිබුණේ. අපි මුදල්  පාලනය කළේ නැහැ. ආර්ථිකය මෙහෙව්වේ නැහැ. ආනයනය පදනම්කරගත්තු ආර්ථිකයක හිටපු නිසා ලෝකය සමඟ තරඟකරන්න හැකියාව තිබුණේ නැහැ. ඒ නිසායි අපේ ආර්ථිකය කඩා වැටුණා.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමඟ අපි මාස 18 ත් ඉදිරියට ගිහින් තියෙනවා. අපේ අමාරුම කාලය ඉවරයි. ඔනැම රටක ආර්ථිකය කඩාගෙන වැටුනොත් හරිම අමාරුයි. මුදල්වල වටිනාකම කැඩෙනවා. බඩු මිල තුන්ගුණයකින් හතරගුණයකින් ඉහළ යනවා. ආදායම් නැතිවෙනවා. හොදම උදාහරණය තමයි ග්‍රීසිය.

Exit mobile version