Site icon Newshub

ආර්ථිකය වර්ධනය වෙමින්, බදු ආදායම ඉහළ යමින් තිබෙනවා. එය අපි පිළිගත යුතුයි – අනුර කුමාර දිසානායක

රනිල් වික්‍රමසිංහ මහතාගේ පාලනය යටතේ ආර්ථිකය වර්ධනය වී බදු ආදායම ඉහළ යමින් පවතින බව තමන් පිළිගන්න බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසනවා.

පෞද්ගලික නාලිකාවක දේශපාලන වැඩසටහනකට එක්වෙමින් ඒ මහතා මේ බව පැවසීය.

මෙලෙස ආර්ථිකය වර්ධනය වී ඇත්තේ නව බදු පැනවීම හේතුවෙන්ම නොවන බවත් රනිල් වික්‍රමසිංහ මහතාගේ පාලන තුළ ආර්ථිකය වර්ධනය වීම සහ බදු ගෙවිය යුතු පිරිස් බදු දැලට හසුකර ගැනීම හේතුවෙන් බවත් ඒ මහතා මෙහිදී අදහස් දක්වමින් කියා සිටියා.

රුපියල් බිලියන 550ක මුදලක් 2023 වසරට සාපේක්ෂව 2024 වසරේදී ආර්ථික වර්ධනයේ ප්‍රතිඵලයක් ලෙස රනිල් වික්‍රමසිංහ ජනපතිවරයාගේ පාලනය තුළ අත්කරගෙන ඇති බව අනුර කුමාර දිසානායක මහතා සඳහන් කරනවා.

වත්මන් රජය යටතේ ආර්ථික වර්ධනය වීම, කාර්යක්ෂම කිරීම හේතුවෙන් ආර්ථික ඉලක්ක මෙයාකාරයෙන් ළඟා කරගැනීමට හැකිවී ඇති බව ඒ මහතා වැඩි දුරටත් අදහස් දක්වමි කියා සිටියා.

Exit mobile version