Site icon Newshub

රනිල් ගෙනාපු මහබැංකු පණතට විරුද්ධයි. හැබැයි අපි ඒක වෙනස් කරන්නේ නැහැ – අනුර කුමාර දිසානායක

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ගෙන ආ  මහබැංකු පණතට ජාතික ජන බලවේගය විරුද්ධ නමුත් එය වෙනස් කිරීමට නොයන බව එහි නායක ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කරනවා.

රෑපවාහිනි වැඩසටහනකට සහභාගීවෙමින් හෙතෙම මේබව පවසා ඇති අතර වැඩිදුරටත් අදහස් දක්වමින් මෙසේද ප්‍රකාශ කර තිබේ,

“මහ බැංකුව ස්වාධීන විය යුතුයි කියලා අපි හිතනවා. ඒ ගැන විවාදයක් නැහැ. නමුත් අර්බුදයක් වෙලාවකදී අර්බුදයෙන් ගොඩඒම සඳහා මහබැංකුවත් භාණ්ඩාගාරයත් ඒකාබද්ධ මෙහෙයුමකට ආ යුතුයි.  මහබැංකු පනත වෙනස් කිරීමට අපි බලාපොරොත්තු වෙන්‌නේ නැහැ. මහ බැංකුවට පැවරී තිබෙන උද්ධමනය , බැංකු පොලී අනුපාතිකය , ඩොලරයේ අගය වැනි සාධක මගින් ආර්ථිකයට කරන බලපෑම ගැන මහබැංකුව අවධානයක් යොමුකළ යුතුයි. අපි ඉතාම සුබවාදී ආර්ථිකයට පැමිණි පසුව එය වෙළෙඳපොලේ දත්ත මත චලනය වන්නට පුළුවන්. එතෙක් මහ බැංකුවේ සහ භාණ්ඩාගාරය අතර ඒකාබද්ධ මෙහෙයුමක් අවශ්‍යයි.  මහබැංකුව ස්වාධීන කරපු එක හොදයි ඒකට එකඟයි. ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් එලීයට විසිවීමට වැඩ කරන්නේ නැහැ අපි”

Exit mobile version