Site icon Newshub

සජිත්ගේ මඩ ප්‍රචාර වලට ජනපති පිළිතුරු දෙයි – මම ඉල්ලා අස්වෙන මිනිහෙක් නෙවෙයි

තමා ඉල්ලා අස්වන බව පවසමින් සමගි ජන බලවේගය මඩ ප්‍රචාර සිදුකරමින් සිටින බවත් තමා ඉල්ලා අස්වන පුද්ගලයෙක් නොවන බව සජබය දැනගත යුතු බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

මහනුවර ජන හමුවට එක්වෙමින් ජනාධිපතිවරයා මේබව ප්‍රකාශ කළේය.

“සජබයෙන් දැන් ප්‍රචාරයක් අරිනවා මම ඉල්ලා අස්වෙන්නවාලු මේ තරගයෙන්. ඒ අය දැනගන්න ඔනේ මම ඉල්ලා අස්වෙන මිනිහෙක් නෙවෙයි කියලා. එයාලා වගේ දාලා දුවන මිනිහෙක් නෙවෙයි කියලා . මම මේ අවස්ථාවේදී කියන්න එන්න අපිත් එක්ක එකතුවෙන්න කියලා. සමගි ජන බලවේගයේ අයටත් මම කියන්නේ සැබෑ එක්සත් ජාතික පක්ෂය සමඟ එකතුවෙන්න කියලා.

සජිත් ප්‍රේමදාස මහත්මයාටත් මම කියන්නේ එන්න මට උගන්වන්න අමතක වුන දෙයක් උගන්වන්නම්. ඒ තමයි දාලා දුවන්නේ නැතිව  ඉන්න උගන්වන්නම්.

දුෂ්කරකාලයක මේක භාරඅරගෙන දුෂ්කර තීරණ අරගෙන ජනතාව ජීවත්කරන්න මම කටයුතු කළා. මම මේක දාලා දිව්වේ නැහැ. මගේ මුලික පරමාර්ථය ඊලඟ අවුරුදු පහේ අලුත් ආර්ථිකයක් ජනතාවට ඇතිකරලා දෙන්න.” යැයි සඳහන් කළේය.” යැයි සඳහන් කළේය.

Exit mobile version