Site icon Newshub

ධවල පත්‍රිකාවට විරුද්ධවු ජවිපෙ ම අද එය හදුන්වා දීලා – වසර 42 ක් ගතවීම ගැන කණගාටුයි

මීට වසර 42 ට පෙර ලංකාව තුළ ඉංග්‍රිසි අධ්‍යාපනය හදුන්වාදීම ඇතුළු අධ්‍යාපනයේ වෙනස්කම් සිදුකළේ නම් රට මීටවඩා ඉදිරියෙන් සිටිනු ඇති බවත් ඒ අවස්ථාවේදී එම යෝජනා ක්‍රියාත්මක කිරීමට ඉඩ නොදුන් ජනතා විමුක්ති පෙරමුණ අද වන විට එම යෝජනා පිළිගෙන ඇති බවද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය.

ගුරු වෘත්තියේ නියැලෙන පිරිස් සමඟ පැවති සාකච්ඡාවකදී 1982 දී රනිල් වික්‍රමසිංහ මහතා හදුන්වාදුන් ධවළ පත්‍රිකා යෝජනාවලිය එලෙසම  මෙවර ජාතික ජන බලවේගයේ (මාලිමාවෙ) ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ඇතුලත් කර ඇති අතර ගුරුවෘත්තියක් මේ පිළීබදව ප්‍රශ්න කිරීමේදී ජනාධිපතිවරයා මේබව පැවසීය.

ප්‍රශ්නය –

1982 ඔබතුමා ගෙනආපු ධවල පත්‍රිකා යෝජනාවලිය වසර 42 ට පසුව ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ඊට සමාජ ආර්ථකථන ගොඩක් තිබෙනවා. එවැනි ප්‍රතිපත්තියකට ඒ අවස්ථාවේ විරුද්ධ වුණ කණ්ඩායමක් වසර 42 න් පසුව ඊට සමාන ප්‍රතිපත්තිකයක් ගෙන එනවා.

ජනාධිපතිවරයාගේ පිළිතුර –

ඒ යෝජනා ක්‍රියාත්මක කළා නම් අද විශේෂයෙන්ම අපේ ඉංග්‍රිසි ගණිතය විද්‍යා අංශ අපේ දියුණු වෙනවා. මීට වඩා ගුරුවරු අපිට  ඉන්නවා. ඒ වගේම අනිත් කණගාටුව තමයි ජාතික ජන බලවේගයට පිළිගන්න බැහැ තමන් වැරදක්කලා කියලා. ඉස්සරලාම ඔවුන් කියන්න ඔනේ අපේ අතින් වැරදක් වුණා. අපි මේක නැවැත්තුවා කියලා. ඔවුන්ට අනුව අනිත් හැම එක්කෙනාම වැරදියි. හොරු ඉන්නවා. තක්කඩියෝ ඉන්නවා. නමුත් ඔවුන් කියන්නේ නැහැ රජයට විරුද්ධව කැරලි ගැහුවා කියලා. තමන්ගේ වැරදි පිළිගෙන ඉදිරියට යන්න හැකියාව තියෙන්න ඔ‌නේ . එහෙම නැතිව අපි තමයි සුදුසු පුද්ගලයෝ වෙන කවුරුත් නැහැ කියනවාට වඩා ජන බලවේගය හැදිලා එන්න කියලා” යැයි ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය

Exit mobile version