Site icon Newshub

ශ්‍රී ලංකා ආර්ථිකයේ බලාපොරොත්තු නොවූ වේගවත් වර්ධනයක් – බ්ලූම්බර්ග්

මේ වසරේ දෙවන කාර්තුවේදී ශ්‍රී ලංකා ආර්ථිකයේ බලාපොරොත්තු නොවූ වේගවත් වර්ධනයක් අත්පත්කරගෙන ඇති බව බ්ලූම්බර්ග් වෙව් අඩවිය සඳහන් කරයි.  රට අර්බුදයකින් ‌ගොඩ ඒමට ආසන්නයේ පැවැත්වෙන මැතිවරණයේදී ආර්ථික ප්‍රතිපත්ති පිළිබඳවද අවධානයට ගත යුතුව ඇති බවද ඔවුන් අවධාරණය කරයි.

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ජනාධිපතිවරණයට පෙර 4.7%කින් පුළුල් වී ඇති බවද ඔවුන් පෙන්වා දෙයි.

වසරකට පෙර සිට ජුනි දක්වා මාස තුන තුළ දළ දේශීය නිෂ්පාදිතය 4.7% කින් ඉහළ ගොස් ඇති බව සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පසුගිය සිකුරාදා ප්‍රකාශ කළේය. එය Bloomberg හි ආර්ථික විද්‍යාඥයින්ගේ සමීක්ෂණයක 4.3% ක පුරෝකථනයක්  ද ඇතුළත්ය

 

 

Exit mobile version