Site icon Newshub

පාර්ලිමේන්තුව විසුරවන්නේ අයවැය සම්මත කිරීමෙන් පසුවයි – ඇමති

ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරීමෙන් පසුව ,ලබන වසරේ 2025 අයවැය සම්මත කිරීමෙන් පසුව පාර්ලිමේන්තුව විසුරවන බවත් ඊට පෙර පාර්ලිමේන්තුව විසුරවීමට ජනාධිපතිවරයා කටයුතු නොකරන බවත් අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා අද(14දා) මාතලේදී ප්‍රකාශ කළේය.

“පුළුවන් ශ්‍රී ලංකා”  මාතලේ ජන හමුවට එක්වෙමින් අමාත්‍යවරයා මේබව සඳහන් කළේය.

“2025 අයවැය සම්මත කර වැටුප් වැඩිකිරීම් අනුමත කරලා තමයි  පාර්ලිමේන්තුව විසුරවන්නේ. ඊට පෙර විසුරවන්නේ නැහැ. අපි ජනාධිපතිවරණය ජයග්‍රහණය කරලා රාජ්‍ය සේවක වැටුප් වැඩිකිරීම අමතකර තමයි අනෙකුත් කටයුතු කරන්නේ. අනිකුත් අපේක්ෂකයින්ට මම අභියෝග කරනවා පුළුවන්නම් මේ වැටුප් වැඩිවීම ඒ ආකාරයෙන්ම ඔවුන්ද ක්‍රියාත්මක කරනවා කියාලා පුළුවන්නම් කියන්න.  මම අභියෝග කරනවා.

ඒ වගේම මේ වැටුප් වැඩිකිරීම් භුක්ති විදින්නනම් ගැස් සිලින්ඩරය ඉදිරියේ කතිරය ගහන්න. මේක බබාලට ඡන්දෙ දෙන කාලයක් නෙවෙයි. මොලේ පාවිච්චි කරලා ඡන්දෙ දෙන්න ඡන්දෙ අපතේ යවන්න එපා .” යැයි පැවසීය.

Exit mobile version