Site icon Newshub

වැරදි කරලා හොයපු සල්ලි – ලෝකේ කොතැනක තිබුණත් ලංකාවට ගේන්න අලුත් නීතියක්

අපරාධයකින් උත්පාද කල ධනය ආපසු ලබාගැනීම (Proceeds of Crime) පිලිබද නව නීතියක් සම්බන්ධ පනත් කෙටුම්පතක්  ගැසට් ‍ කෙර ඇත. ඒ අනුව අපරාධයකින් උපයාගත් දේ ආපසු ලබාගැනීම සඳහා මෙන්ම එම උපයාගැනීම් තහනම් කිරීමට රජට සතු කරගැනීමටට අවශ්‍ය බලය ලබාදී තිබේ.

ශ්‍රී ලංකාව තුළ මෙන්ම ශ්‍රී ලංකාවෙන් පිටත පිහිටා ඇති අපරාධයකින් උපයාගත් දේ නැවත ලබාගැනීමට හැකියාව ලබාදී ඇත.

නීති විරෝධී ක්‍රියාකාරකම් මගින් බලපෑමට ලක්ව ඇති අපරාධ වින්දිතයන් සහ ප්‍රජාව හෝ පොදු මහජනතාව වෙත යළි ලබාදීම සහ හානි පුර්ණ භාර අරමුදලක් නිර්මාණය කිරීම සඳහා ද විධිවිධාන සැලැස්වීමට මෙම නීතිය මගින් අවස්ථාව නිර්මාණය කර තිබේ.

අල්ලස් හා දුෂණ , මත්ද්‍රව්‍ය ජාවාරම් , ත්‍රස්ත්‍රවාදය  සඳහා මුදල් සැපයීම , සංවිධානාත්මක මුල්‍ය අපරාධ , ඇතුළු නිතී විරෝධි ක්‍රියා සඳඒා මෙම නීතිය වලංගු වන බව අදාළ පනත් කෙටුම්පතේ සඳහන් කර ඇත.

 

“හොරකම් කළ දෑ නැවත ලබාගැනීම පිළිබඳ දේශපාලන කණ්ඩායම් අතර දීර්ඝ කතාබහක් තිබුණ අතර මේ වෙනුවෙන් නීතියක් ගෙන එන බවට  ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය වසරේදී සඳහන් කර තිබුණි. ඒ අනුව අදාළ නීතිය පනතා ඇති අතර මෙය පාර්ලිමේන්තුව හරහා සම්මත කරගැනීම ඉදිරියේදී සිදුකිරීමට නියමිතයත

 

 

Exit mobile version