Site icon Newshub

මාලිමාවට ඡන්දෙ දුන්නොත් ඩොලරය කඩා වැටෙන හැටි ජනපති සරලවම කියා දෙයි

 

ජාතික ජන බලවේගයේ ආර්ථික ප්‍රතිපත්තිය දෙස බලන විට ඔවුන් ජයග්‍රහණය කළහොත් ඩොලරය රුපියල් 500 දක්වා ඉහළ යනු ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද(12දා) කැස්බෑවේදී ප්‍රකාශ කළේය.

එබැවින් හොර අල්ලනවා යැයි තවත් බොරු නොකියා ජනතාවට ඇත්ත ප්‍රකාශ කළ යුතු බවත් මාලිමාවේ ආර්ථික ක්‍රමය ක්‍රියාත්මත කළෙ හොත් රට පහළට ඇදවැටීම වැළැක්වීමට‌ නොහැකි බවත් ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය,

“ආර්ථිකය ක්‍රමයෙන් ගොඩ යමින් තිබෙන්නේ. අපි මේක තහවුරු කරන්න ඔනේ. ඒක කරන්න තව අවුරුදු තුනක් විතර යනවා. ඒවරම ඉල්ලන්න තමයි මම මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වුණේ.

මේවැඩ මෙහෙමෙ කරගෙන යද්දි මාලිමාව ජනතාව අතර වෛරය ඇතිකරලා ඒ අයට ඡන්දෙ දෙන්න කියනවා. මාලිමාවට ඡන්දෙ දුන්නොත් මොකද වෙන්නේ. ඩොලරය 420 ටත් වඩා වැඩියෙන් යන්න තිබෙනවා. 370 දරාගන්න අමාරුනම් 420 දරාගන්න පුළුවන්ද. ඒ කතාව එයාලා කියන්නේ නැහැ.  මාලිමාවේ ප්‍රතිපත්ති ප්‍රකාශ අනුව අපි අයවැයක් හදලා බැලුවා.අයවැය හිඟය ඩොලර් මිලියන 4000 ක්. එහෙම උනොත් මොකද වෙන්නේ රුපියල තව් කඩාවැටෙනවා. එකොට මුල්‍ය අරමුදල අයින් වෙනවා. එහෙම උනාම ඩොලරය රුපියල් 500 දක්වා ඉහළ යයි. වාර්තාවක් තියන්න පුවවන්. ඒ නිසා මේක කරගන්න ද ඔනේ. ඒ නිසා මාලිමාවේ ආර්ථිකය බොරුවක්. එහෙම ක්‍රමයක් නැහැ. එයාලට කතිරය ගැහුවොත් කපෝතියි. නමුත් අපේ අයවැය අපි හඳලා තියෙන්නේ. අපිට ඒක ක්‍රියාත්මක කරන්න පුළුවන්. ‌

අනිත් පැත්තෙන් සජිත් කියනවා හැමදේම නොමිලයේ දෙනවා කියලා. අවසානයේ හිස රදයත් නොමිලයේ දෙයි. ආයේ කියනවා මමයි අනුරයි ඩීල් දාලලු සජිත්ව පරද්දන්න. ඇයි ඉතින් සජිත්ව පැරදෙන්නේ. එයා පිළිගන්නවා පැරදෙන්න යනවා කියලා. සජිත්ට නාමල්ට දෙන ඡන්දෙ යන්නේ අනුරට. මාලිමාවෙන් බොරු කියන නිසා ඡන්දෙ දෙන්න කලින් මාලිමාවෙන් අහන්න ඩොලරය කීයක් වෙයිද කියලා. ඊට පස්සේ තීරණයක් ගන්න” යැයි ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.

 

 

 

Exit mobile version