Site icon Newshub

මොකා බලයට ආවත් තොපිට අපි මේක කරන්න දෙන්නේ නැහැ – ජන අරගල සන්ධානය

ජනාධිපතිවරණයෙන් කවුරුන් බලයට පත්වුවද ආණ්ඩු කිරීමට ඉඩ නොදෙන බව ජන අරගල සන්ධානය ප්‍රකාශ කර තිබේ. එම පක්ෂයේ ජනාධිපති අපේක්ෂක නුවන් බෝපගේ මහතාට සහය පළකරන ජනහමුවක් මිනුවන්ගොඩ පැවති අතර එහිදී අදහස් දක්වමින් එම පක්ෂයේ තරිදු උඩුවරගෙදර ප්‍රකාශ කර ඇත්තේ කවුරුන් බලයට පත් වුවද ඔවුන්ට ආණ්ඩුකිරීමට ඉඩ නොදෙන බවයි.  ඉදිරි අවුරුදු දහය ඇතුළත ඔවුන් බලය ගන්නා බවත් රට ගිණි තියන බවත් මෙහිදී අදහස් දක්වමින් හෙතෙම පවසා තිබේ.

“මුංව ඉවර කරන්න ඔනේ. මොකා බලයට ආවත් තොපිට අපි මේක කරන්න දෙන්නේ නැහැ. අපි මේක කරන්න දෙන්නේ නැහැ. මම කියනවා ඉදිරි අවුරුදු දහය ඇතුළේ අපි බලය ගන්නවා . අපි මේක ඉවරකරනවා. වසන්ත , බෝපේ, ශ්වස්තිකා , ලහිරු , දේශපාලනයේ ඉනවා. ඉදිරි අවුරුදු දහයේ අපි ගිනි තියනවා. තොපිව ඉවර කරනවා”

මේ කතාව මෙතැනින් බලන්න

Exit mobile version