Site icon Newshub

 අත්හදාබැලීම් කළ බංග්ලාදේශය අවුලෙන් අවුලට

බංග්ලාදේශය අවුලෙන් අවුලට

අන්තර්වාර රජය බලයට පත්කිරීමෙන් පසුව බංගලාදේශයේ පැය 10 ට වැඩි විදුලිකප්පාදු සිදුකරමින් තිබෙන අතර එම තත්වය ඉදිරියේදී තවදුරටත් වැඩිවෙනු ඇතයි එරට මාධ්‍ය  අනාවැකි පළවී තිබේ. එමෙන්ම අන්තර්වාර පාලනය පත්ව මාසයක් ගතවීමටත් පෙර වැඩවර්ජන සහ උද්ගෝෂණ වැඩිවෙමින් පවතින අතර විදුලිය නොමැතිවීම හේතුවෙන් දැඩි අර්බුදයට පත්ව ඇති බව වාර්තාවේ.

අන්තර්වාර රජය යටතේ බංග්ලාදේශයට ඉදිරියේදි මුහුණ පෑමට සිදුවන අවදානම් තත්ත්වය පිළිබඳ එරට හිටපු කීර්තිමත් ලේඛිකාවක වන ටස්ලිමා නස්රීන් ද පසුගියදා අනතුරු අඟවා තිබූ අතර, බංග්ලාදේශයේ ඉස්ලාමීය රැඩිකල්වාදී කණ්ඩායම් එරට තරුණ පරපුරේ මනස විකෘති කරන බවත්, එරට තවත් ඇෆ්ගනිස්තානයක් බවට පත්වීමට ආසන්න බවත් ඇය ප්‍රකාශ කර තිබේ. එම රැඩිකල්වාදීන් බංග්ලාදේශයේ තරුණ පරපුර අතර හින්දු විරෝධී සහ ඉන්දීය විරෝධී අදහස් පතුරුවාලමින් පාකිස්තානයේ අන්තවාදී මතවාද ස්ථාපිත කරමින් සිටින බව ද ටස්ලිමා නස්රීන් වැඩිදුරටත් ප්‍රකාශ කර ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කළේය. පසුගිය ජූලි මාසයේ අගභාගයේ විරෝධතා ආරම්භයේදී තමා ද සෙසු පිරිස සමඟ එක්ව බංග්ලාදේශ ශිෂ්‍ය ව්‍යාපාරයට සහයෝගය ලබා දීමට කටයුතු කළද, මෑතකදී එරට හින්දු ජනතාවට එරෙහිව සිදුවූ ප්‍රචණ්ඩකාරී සිදුවීම් සහ මාධ්‍යවේදීන් ඉලක්ක කරගැනීම් පිළිබඳ අවධානය යොමු කරද්දී එය ශිෂ්‍යයන් නොව එරට බන්ධනාගාරගත වී සිටි මැර කල්ලි විසින් මුදා හළ ත්‍රස්තවාදයක් බව පැහැදිලි වූ බවත් ඇය වැඩිදුරටත් සඳහන් කර තිබේ.

 

බංග්ලාදේශය උද්ධමනයක් අද්දර

ලෝක ආර්ථික සංසදයෙන් අනතුරු ඇඟවීමක්

 

අන්තර්වාර රජය යටතේ බංග්ලාදේශයේ උද්ගත වී ඇති අර්බුද පිළිබඳ ලෝක ආර්ථික සංසදයේ දැඩි අවධානය යොමු වී ඇති අතර, අනපේක්ෂිත උද්ධමනය, ණය අර්බුද සහ අත්‍යවශ්‍ය භාණ්ඩ මිල ඉහළ යෑම වැනි බරපතළ තත්ත්වයට මුහුණදීමට සිදුවනු ඇතැයි ද, ඉදිරි දෙවසර තුළ බංග්ලාදේශය ලෝක ආර්ථිකයේ දැඩි අවදානමකට ලක්වනු ඇතැයි ද එම සංසදයේ ඉහළම මට්ටමේ ආර්ථික විද්‍යාඥයන් අනතුරු අඟවා ඇතැයි වාර්තාවේ.

Exit mobile version