Site icon Newshub

සජිත්ගේ දිවුරුම්දීම මිහින්තලාවේ අඹ ගහක් යටදී සිදුකිරීමට යෝජනාවක්.!

සමගි ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති ධූරයට පත්වීමෙන් පසුව දිවුරුම්දීම මිහින්තලාවේ අඹ ගහක් යටදී සිදුකිරීමට යෝජනා කළ බව මිහින්තලා රාජමහා විහාරාධිපති  වලවාහැංගුනවැවේ ධම්මරතන  හිමි ප්‍රකාශ කර තිබේ.

යුටියුබ් නාලිකාවක් සමඟ සාකච්ඡාවට එක්වෙමින් වලවාහැංගුනවැවේ හිමියෝ මේබව ප්‍රකාශ කර ඇත.  එම නාලිකාව සඳහා අදහස් දක්වමින් උන්වහස්සේ මෙසේ ප්‍රකාශ කළහ.

වලවාහැංගුනවැවේ හිමියෝ – “සජිත් ඔයා දිවුරුම් දිය යුත්තේ මිහින්තලා භුමියේ අඹ ගසක් අසල කියලා මම යෝජනා කළා.

ප්‍රශ්නය – සජිත් ඒකට කැමති උනාද?

වලවාහැංගුනවැවේ හිමියෝ  – කැමති උනාද නැද්ද කියලා මම දන්නේ නැහැ. මම යෝජනා කළා. සම්බුද්ධ ශාසනය පිහිටන්නේ මේ උතුම් ස්ථානයේ.

මිහින්තලා භුමිය තමයි උචිත සුදුසු ස්ථානය.” යනුවෙන් පැවසුහ.

මීට පෙර මෙවැනි දිවුරුම්දීම් දෙකක් සිදුකර ඇත .  පසුගිය ආණ්ඩුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා  රුවන්වැලි සෑය ලඟ දිවුරුම් දුන් අතර රණසිංහ ප්‍රේමදාස මහතා මහනුවර දළඳා මාලිගාවේ පත්තිරුප්පුවේ දිවුරුම්දීම සිදුකර කර තිබේ.

Exit mobile version