Site icon Newshub

හැමෝම හොයන තොප්පි කතාව ජනපති රනිල් කියයි…  

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද(10දා) කහටගස්දිගිලියේ පැවති “ජයගමු ශ්‍රී ලංකා” ජනහමුවට සහභාගීවුයේ වෙනස් ආකාරයේ හිස්වැසුමක් පැළදගෙනය. මෙය බොහෝදෙනා අතර කතාබහට ලක් වු සිදුවීමක් වු අතර ජනහමුව අමතමින් ජනාධිපතිවරයා මේ සඳහා පිළිතුරු ලබාදුනි.

උතුරේ ජනහමුවකදී ද්‍රවිඩ කාන්තාවක් මෙම හිස්වැසුම තැගී කළ බවත් ඇයට ගෞරවයක් ලෙස මෙය පළඳින බවයි.

“බොහෝදෙනෙක් මගෙන් අහනවා ඇයි මම මේ තොප්පියක් අඳින්නේ කියලා. ඒ කතාව දැන් කියන්නම්. මම කිලිනොච්චි ජනහමුවට ගිහින් රැස්වීම ඉවර කරලා එද්දි වැඩිමහල් ද්‍රවිඩ කාන්තාවක් මට මේ තොප්පිය දුන්නා. දීලා කිව්වා ඔබතුමා අපිට කෑම දුන්නා පොහොර දුන්නා බෙහෙත් දුන්නා අපිව ජීවත් කළේ ඔබතුමා කියලා කිව්වා. අපි රට භාරගත්තේ කවුරුත්ම භාරගත්තේ නැති අවස්ථාවේ. ඉතිම් මේ දුන්නු ත්‍යාගය මම අගය කරනවා. රුපියල් ලක්ෂයකට වඩා මට මේක වටිනවා.” යැයි ජනාධිපතිවරයා කීවේය.

 

Exit mobile version