Site icon Newshub

ලැයින් කාමර ක්‍රමය අහෝසිකරනවා -ජනපති රනිල්

වතු ආශ්‍රිතව පවතින ලැයින් කාමර ක්‍රමය අහෝසිකර ඒ සඳහා විසඳුමක් ලබාදෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද(08දා) හපුතලේ පැවති පුළුවන් ශ්‍රී ලංකා ” ජනපතිගේ ජන රැළියට සහභාගී වෙමින් ප්‍රකාශ කළේය.

ලැයින් කාමර අහෝසිකර ගම්මාන බිහිකරන බවත් ඒ අනුව ඉඩම් අයිතිය ලබාදෙන බවත් පැවසු ජනාධිපතිවරයා මෙසේද පැවසීය,

“ලැයින් කාමර ක්‍රමය අපි අහෝසි කරන්න ඔනේ. ලයින් කාමර අවට තියෙන ඉඩම් සියල්ලම ආණ්ඩුවේ ගම්මාන විදිහට අපි සලකනවා. අවසරපත්‍ර තියෙන අයට සින්නක්ර අයිතිය දෙන්නම් ගෙවල් හදන්න. සමහර තැන්වල තනි තට්ටුවේ ගෙවල් හදයි. සමහරු තට්ටු දෙකේ ගෙවල්  හදයි. එතකොට ඔයාලත් ගමේ කොටසක් වෙනවා. වත්තේ කොටසක් නෙවෙයි. මේ ලැයින් කාමර ක්‍රමය අපි නැති කරනවා. කෘෂි නවීකරණය යටතේ අපි එය සිදුකරනවා. මේවා කෘෂි ව්‍යාපාර බවට අපි පත්කරනවා. පොල් වතුවල වැඩකරන අය ගමේ ඉදන් යනවා වගේ තේ වල වැඩකරන අයත් තමන්ගේ ගමන් ඉදන් යා යුතුයි. ඒ  සමඟම අපි කෘෂිකර්ම නවීකරණයක් ඇති කරනවා. බණ්ඩාරවෙල විශාල ශීතාගාර ගබඩාවක් ඇති කරනවා. එළවළු පලතුරු ගබඩාකරලා තියන්න පුළුවන්. මේ දියුණුව අපි ඇතිකළ යුතු වෙනවා. සංචාරක ව්‍යාපාරය මෙහෙ දියුණුකරලා එකෙන් රැකියා දෙන්න අපි කටයුතු කරනවා. ලබන වසරේ රැකියා ලක්ෂයක් ලබාදෙන්න අපි කටයුතු කරනවා.” යැයි ප්‍රකාශ කළේය

 

 

 

Exit mobile version