Site icon Newshub

ඔලුවෙ තියාගෙන හිටපු ලොකු බරක් බිමින් තිබ්බා – තලතා

ජනපති රනිල් වික්‍රමසිංහ මහතාට සහය පළකිරීමට හිටපු මන්ත්‍රීණී තලතා අතුකෝරාළ මහත්මිය අද(08දා)  වැලිමඩ පැවති පුළුවන් ශ්‍රී ලංකා ජනහමුවට සහභාගී වු අතර රටේ ජනතාව වෙනුවෙන් ජනාධිපතිවරයා ජයග්‍රහණය කිරීමට කැපවන බව තලතා අතුකෝරාළ මහත්මිය එහිදී ප්‍රකාශ කළාය.

“අද මට ඉතාම සතුටු දවසක්. මම සෑහෙන කාලයක් තිස්සේ ඔලුවෙ තියාගෙන හිටපු බරක් බිමින් තියලා  අද නිවැරදි තීරණයක් අරගෙන ස්වාධීන අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මැතිතුමා ජයග්‍රහණය කරන්න මම වේදිකාවට ආවේ. මම අවුරුදු විස්සක් පාර්ලිමේන්තුවේ හිටපු කෙනෙක්. අවුරුදු 16 ක් රනිල් වික්‍රමසිංහ මැතිතුමා සමඟත් අවුරුදු 04 ක් සජිත් ප්‍රේමදාස මැතිතුමා සමඟත් කටයුතු කරලා තියෙනවා. මේ නායයෝ දෙන්නා ගැනම මම හොඳට දන්නවා. මේ රටේ ජනතාව ජයග්‍රහණය කරවන්න රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා දිනවමු කියලා මම සියලුදෙනාගෙන්නම ඉල්ලා සිටිනවා. යැයි පැවසුවාය.

 

 

Exit mobile version