Site icon Newshub

දෙමළ පක්ෂ අනුරට සහය නොදෙන්න තීරණය කළ හේතුව සුමන්තිරන් හෙළිකරයි

මෙවර ජනාධිපතිවරණයේදී ජාතික ජනබලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාට සහයෝගය නොදීමට ඉළංගෛ තමිළ් අරසුකච්චි පක්ෂය ගත් තීරණය නිවැරදි බව  එම පක්ෂයේ යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ සුමන්තිරන් මහතා ප්‍රකාශ කළේය.

ඊයේ(03දා) රාත්‍රියේ පැවති සිරස රූපවාහිනියේ පැවති සටහන වැඩසටහනට එක්වෙමින් මන්ත්‍රීවරයා මේබව පැවසීය.

අනුර කුමාර මහතා පිළිබඳ උතුරේ ජනතාව හදුනන්නේ නැති බවත් 13 ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් ස්ථීර පිළිතුරක් ලබාදීමට නොහැකිවීමත් නිසා අනුර කුමාර මහතාට සහය නොදීමට තීරණය කළ බව සුමන්තිරන් මහතා මේබව ප්‍රකාශ කළේය.

“අනුර උතුරට ඇවිත් නැහැ. දැන් තමයි අනුර උතුරට එන්නේ.  යාපනයට ඇවිත් මාධ්‍යයට කතාකරද්දි 13 ව්‍යවස්ථා සංශෝධනය සම්පුර්ණයෙන්ම ක්‍රියාත්මක කරනවා කියලා අනුර කිව්වා.  ඉඩම් බලතල පොලිස් බලතල ක්‍රියාත්මක කරනවාද කියලා මාධ්‍ය ප්‍රශ්නකරද්දි අනුර කුමාර ඔව් කියලා පිළිතුරු දුන්නා.  දැන් මෙතෙන කියනවානම් එහෙම කරන්නේ නැහැ කියලා අනුරට සහයෝගය නොදෙන්න අපි ගත්තු තීරණය හරි කියලා ඒකෙන්ම පැහැදිලිවෙනවා” යනුවෙන් සදහන් කළේය.

Exit mobile version