Site icon Newshub

ජනාධිපතිවරණයේදී සජිත් කරන්නේ මනමේ කුමාරි කරපු වැඩේ – ජනපති

මනමේ කුමාරිය සිදුකළ දෙයට සමාන ක්‍රියාවක් මෙවර ජනාධිපතිවරණයේදී සජිත් ප්‍රේමදාස සිදුකරමින් සිටින බවත් එබැවින් ඔහුට ඡන්දය පාවිච්චි කිරීම අනුවණ ක්‍රියාවක් බවත්  ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (03දා) “පුළුවන් ශ්‍රී ලංකා” ජනහමුවට පැල්මඩුල්ලේදී සහභාගීවෙමින් සඳහන් කළේය.

සජිත්ට ඡන්දය දීම යනු අනුර කුමාර දිසානායක ශක්තිමත් කිරීමත් බැවින් එය සිදුනොකර ලෙස බුද්ධිමත් ජනතාවගෙන් තමා ඉල්ලා සිටින බවද ජනාධිපතිවරයා එහිදී වැඩිදුරටත් සඳහන් කළේය.

“ඇත්ත කියලා රට භාරගන්නයි මම ආවේ. ඒ වගේම රැකියා අවස්ථා ඇති කරන්න මම බලාපොරොත්තු වෙනවා. පහුගිය අවුරුදු දෙකේ රැකියාවලට බඳවා ගත්තේ නැහැ. ලබන අවුරුද්දේ ඉදලා රජයේ වගේම පෞද්ගලික අංශයෙත් ස්වයං රැකියා විදිහටත් රැකියා ඇතිකරන්න කටයුතු කරනවා. සංචාරක ව්‍යාපාරය ලක්ෂ 50 ක් වැඩි කරන්න කටයුතු කරනවා.  මැණික් කර්මාන්තය දියුණු අපි කටයුතු කරනවා.  රටේ ආර්ථිකය පරිවර්ථනය ඇති කරන්න අපනයන ආර්ථිකයකට අපි යන්න සැලසුම්කරලා තියෙනවා. ඩිජිටල් ආර්ථිකයක් ඇතිකරන්න තරුණ තරුණියන් ඒකට යොමුකරන්න අපි සැලසුම්කරලා තියෙනවා.

ඉදිරි අවුරුදු 10 දී අපි අපිට අවශ්‍ය විදේශ විනිමය උපයන වැඩපිළිවෙලකට යනවා. එහෙම නැතිව අපිට ගොඩ යන්න බැහැ.

සමාජය වෙනස් කරන්න සමාජ සාධාරණ කොමිෂන් සභාවක් අපි ඇතිකරනවා. අපි දේශපාලන ක්‍රමය වෙනස් කරනවා. අනිත් අය දුෂණය ගැන කතාකරනවා. අපි දුෂණය නැති කරන්න ක්‍රියාකරනවා. හොරු අල්ලන්න අපිට බැහැ. ඒවට වෙනම ආයතන තියෙනවා. ඒයාල අල්ලන එක අපේ වැඩක් නෙවෙයි. අධිකරණ තියෙන්නේ ඒකට . ඒ ආයතන අපි ශක්තිමත් කරනවා. ඒ ආයතන ඒ කාර්යන් සිදුකරයි.  රටේ ඡන්ද ක්‍රමය වෙනස් කරන්න මන්ත්‍රීවරුගේ ආචාර් ධරම හදුන්වාදෙන්න වගේ වෙනසක් කරන්න අපි ලැස්තියි. ඒ වෙනස කරන්න පුළුවන් අපිට විතරයි.  මේ රටට වෙනසක් අවශ්‍යයි. ඒ වෙනස කරන්නයි අපි ඇවිත් ඉන්නේ.  සජිත් කරන්නේ මනමේ කුමාරි කරපු වැඩේ. සජිත්ට ඡන්දෙ දෙනවා කියන්නේ අනුරව ශක්තිමක් කිරීමක්. ඒ නිසා ඒ මෝඩ වැඩේ කරන්න එපා” යැයි ජනාධිපති වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

 

Exit mobile version