Site icon Newshub

අනුර සහෝදරයගේ ප්‍රාඩෝ V8 වල බර දරන්නේ අපි ~ හරිනි

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතාගේ ආරක්ෂාව වැදගත් බැවින් ඔහු වෙනුවෙන් කළ යුතු දේ සිදුකිරීමට පක්ෂය කටයුතු කරන බව පාර්ලිමෙන්තු මන්ත්‍රී ආචාර්ය හරිනි අමරසුරිය මහත්මිය ප්‍රකාශ කර තිබේ. ආරක්ෂාව සඳහා අනුර කුමාර දිසානායක හට ගමන් කිරීමට ප්‍රාඩෝ V8 ලබාගෙන ඇති අතර එහි වියදම් දැරීමට ද සිදුව ඇති බව මාධ්‍ය අමතමින් හරිනි මන්ත්‍රීවරිය ප්‍රකාශ කළාය.

“අනුර සහෝදරයාගේ ආරක්ෂාව අපිට වැදගත්. අනුර සහෝදරයාගේ ආරක්ෂාව මත අපි ගන්න සමහර තීන්දු තීරණ තිබෙනවා. ඒ තීරණ රටේ ජනතාවට බරක් වෙලා නැහැ. ඒ බර දරාගන්නේ අපි. මේ රටේ ජනාධිපති වෙන්න නියමිත අනුර සහෝදරයාගේ ආරක්ෂාව තහවුරු කරන එක අපිට වැදගත්. ඒ වෙනුවෙන් කළ යුතු දේ අපි කරනවා.” යැයි පැවසුවාය.

කෙසේවෙතත් ජනාධිපතිවරණයට පෙර ජනහමුවලදී අනුර කුමාර දිසානායක මහතා ඇතුළු ජාතික ජන බලවේගය විසින් දේශපාලඥයින් මෙලෙස ප්‍රඩෝ V8 රථවල ගමන් කිරීම දැඩිලෙස විවේචනය කළ අතර ඔවුන් ප්‍රකාශ කළේ ඔවුන්ගේ ප්‍රවාහනය සඳහා ඩබල් කැබ් රඨ භාවිතා කරන බවයි.  නමුත් මේවනවිට ඔවුන්ගේ ප්‍රතිපත්ති ක්‍රමයෙන් ධනවාදී ප්‍රවාහයට වෙනස් වෙමින් තිබෙන බව පෙනෙන්නට තිබේ.

Exit mobile version