Site icon Newshub

පරදින සජිත්ට ඡන්දෙ දුන්නොත් වෙනදේ ජනපති කියයි

සජිත් ප්‍රේමදාස මහතාට මෙවර ඡනාධිපතිවරණය ජයග්‍රහණය කළ නොහැකි බවත් ඔහුට ලබාදෙන ඡන්ද සියල්ල අනුර කුමාර මහතාට උදව්කිරීමක් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද(01දා) කැකිරාවේදී ප්‍රකාශ කළේය.

ජයග්‍රහණය කිරීමට නොහැකි පුද්ගලයෙකුට ඡන්දය ලබාදෙන්නෙ ඇයි දැයි ජනාධිපතිවරයා එහිදී ජනතාවගෙන් ප්‍රශ්න කළේය.

ඉදිරි වසර පහ තුළ ශ්‍රී ලංකා ආර්ථිකය වර්ධනය කරන සැලැස්ම පිළිබඳ සාකච්ඡා කළ ජනාධිපති වික්‍රමසිංහ මහතා මේසේද ප්‍රකාශ කළේය,

“අලුත් ශ්‍රී ලංකාවක් ගොඩනඟන්න මම වරම ඉල්ලනවා. අවුරුදු පහක් තුළ අපි ජීවන බර සැහැල්ලු කරනවා. වැඩි වැඩියෙන් රැකියා දීලා පඩි වැඩිකරනවා. බදු බර සහනයක් දෙනවා. ආර්ථිකය අපනයන ආර්ථිකයක් බවට පත්කරනවා. රුපියල ශක්තිමත් කරලා අපි තව තවත් සහන ලබාදෙනවා. රටේ දළ දේශිය නිෂ්පාදනය තවත් වැඩි කරලා රුපියල ශක්තිමත් කරනවා. අනුරයි සජිතුයි මොකක්ද කරන්න යන්නේ . බදු අඩු කරන්න යනනේ. එතකොට රට ආයෙත් කඩා වැටෙනවා.  ගෝඨාභය ජනාධිපතිතුමා කරපු වැඩේ කරන්න ද මේ අය කියන්නේ. එහෙම උනොත් අපිට ආයෙත් නැගිටින්න බැරිවෙනවා.

පළමු පියවර විදිහට රැකියා ලක්ෂයක් දෙනවා. ආණ්ඩුවේ රැකියා , පෞද්ගලික අංශයෙන් වගේම ස්වයං රැකියා ඇති කරනවා. ඒවගේම තවත් 50 000 ට මුදල් දෙනවා තමන් කැමති විෂයක පුහුණුවෙලා විදෙස් රැකියා වලට යන්න අවස්ථා දෙනවා. පළමුවෙන්ම තියෙන්නේ කෘෂිකර්ම නවීකරණයක් ඇති කරන්න. කෘෂිකර්මය දියුණු කරලා සංචාරක කර්මාන්තය දියුණු කරලා අපිට ආර්ථිකය වර්ධනය කරන්න පුළුවන්.

අනුර සජිත් දෙදෙනට මේක කරන්න පුළුවන් ද?. බැහැ රටේ ඇතිකරලා තියෙන ස්ථාවරභාවය ඔවුන් නැතිකරනවා. අපි මේ ස්ථාවරභාවය ආරක්ෂා කරන්න ඔනේ. බංගලාදේශයක් වගේ රටපත්කරන්න බැහැ. සජිත්ට මේ ඡන්දෙ දිනන්න බැහැ. සජිත්ට දෙන ඡන්දයක් කියන්නේ අනුරට දෙන ඡන්දයක්. එක්සත් ජාතික පාක්ෂිකයෝ විශේෂයෙන්ම මේක මතක තියාගන්න අවශ්‍යයි. දිනන්න බැරි සජිත්ට ඡන්දෙ දෙන්නේ අනුරට සහයෝගය දෙන්නද ඒ නිසා ගෙයින් ගෙට ගිහින් මේ ගැන ජනතාවට කතාකරන්න. ” යැයි ද ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

 

Exit mobile version