Site icon Newshub

අලුත් රැකියා ලක්ෂයක් ලබන වසරේ ලබාදෙනවා – ජනපති

පුළුවන් ශ්‍රී ලංකා - විජයග්‍රාහී ජන රැලිය - හලාවත

ලබන වසරේ සිට රැකියා ලක්ෂයක් ලබාදීමේ වැඩසටහන ආරම්භකරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හලාවත “පුළුවන් ශ්‍රී ලංකා” ජන හමුවට අද(01දා) සහභාගී වෙමින් සඳහන් කළේය.

මේ යටතේ රජයේ රැකියා මෙන්ම පෞද්ගලික අංශයේ රැකියා ද ලබාදෙන බවත් ස්වයං රැකියා ක්ෂේත්‍රය ගොඩනංගවිම්න ඒතුළ නව රැකියා අවස්ථා රැසක් ඇති කරන බවද ජනාධිපතිවරයා සඳහන් කළේය.

එමෙන්ම විදේශ් රැකියාවක් සඳහා දැනුම කුසලතාවය ලබාගැනීම සඳහා තවත් තෝරාගත් 50 000 කට මුදල් ලබාදෙන බවද ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය. 2025 වසරේ සිට ආර්ථික පිබිඳීමක් ඇති කරන බවත් ඒ යටතේ මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන බවද පැවසු ජනාධිපතිවරයා‌ මෙසේද සඳහන් කළේය,

“අපි ඇතිකරපු ආර්ථික ස්ථාරභාවය තහවුරු කරන්න අවශ්‍යයි. ජනතාවගේ ජීවන තත්වය උසස් කරන්න අවශ්‍යයි. ජනතාව ගොඩනංවන ආර්ථිකය ස්ථාවරත්වය ඇතිකිරීමේ පදනම දැන් අපි සතුයි. ජාත්‍යන්තර සහය නැතිව අපිට ඉදිරියට යන්න පුළුවන්ද?. බැහැ. සෑම වසරකම දළ දේශීය නිෂ්පාදනය තව තවත් වැඩි කරලා අපි රුපියල ශක්තිමත් කරන්න බලාපොරොත්තු වෙනවා.

අනුරයි සජිතුයි කියන්නේ බදු බර අඩුකරනවා කියලා. බදු අඩු කළාම ආදායම අඩුවෙනවා. ආදායම අඩු උනොත් ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ සහය අපිය නැති වෙනවා. ආපහු එතනට යන්න ඔනේද?. රුපියල ශක්තිමත් කරලා විතරයි මේක කරන්න පුළුවන්.  ලබන අවුරුද්දේ ආණ්ඩුවේ , පෞද්ගලික අංශයේ වගේම ස්වය් රැකියා ලක්ෂයක් ලබාදෙනවා. තරුණතරුණියන් 50 000 ට මුදල් දෙනවා විදෙස් රැකියා සඳහා පුහුණවෙලා රැකියා සඳහා විදෙස් ගතවෙන්න අවස්ථාව දෙනවා. කෘෂිකර්ම නවීකරණය , ධීවර නවීකරණය , නිෂ්පාදනය වැඩිකිරීම , සංචාරක කර්මාන්තය දියුණු කිරීම , ඇති කරනවා.

පොල් වගාව දියුණුකරන්න අපි බලාපොරොත්තු වෙනවා.  මාදම්පේ ආර්ථික කලාපය ඇතිකරනවා. ඉරණවිල සංචාරක කලාපය ඇති කරනවා . මේ අතර හලාවත වරාය වගේම කල්පිටිය වරායත්  දියුණු කරලා ප්‍රධාන ධීවර වරායක් හැටියට පත්කරනවා. කටුණායක අධිවේගී මාර්ගය මේ කලාපයට අපි එකතුකරනවා. මේ වැඩසටහන කරන්න අනුරට පුළුවන්ද සජිත්ට පුළුවන්ද . බොරු පොරොන්දු දීලා යනවා. රෑ වැටුණු වළේ දවල් වැටෙනවද කියලා මම අහන්න කැමතියි. මේ නිසා අද ඉදන් ගෙයින් ගෙට ගිහින් අපේ ජයග්‍රහණය තහවුරු කරමු කියලා මම ඉල්ලා සිටිනවා. යැයි පැවසීය.

 

Exit mobile version