Site icon Newshub

ITAK සජිත්ට සහාය දෙන්නේ ඉන්දියාවේ බලපෑමට? – සමගි තරුණ බලවේගයේ ජාතික සංවිධායකගේ X පණිවුඩයෙන් හෙළිවෙයි

2024 ජනාධිපතිවරණයේ දී ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂයේ සහය සමගි ජන බලවේගයට ලබාදීමට කටයුතු කළේ ඉන්දියාවේ බලපෑම මත බව සමගි තරුණ බලවේග ජාතික සංවිධායක චමිත් විජේසුන්දර මහතා පවසනවා.

සිය X ගිණුමේ සටහනක් තමබින් ඒ මහතා මේ බව කියා සිටිනවා.

සමගි ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට සහාය දීමට ඉලංගෙයි තමිල් අරසු කච්චි ගත් තීරණය එම පක්ෂයේ මධ්‍යම කාරක සභාව රැස්වී ගත් තීරණයක් බවත් දෙමළ පොදු අපේක්ෂකයා ලෙස ජනාධිපතිවරණයට නාමයෝජනා ලබාදුන් පී. අරියනේත්‍රන් ට සහාය නොදෙන බව සහ ජනාධිපතිවරණයට ඉදිරිපත් ඉල්ලන බවත් එම පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ. සුමන්තිරන් මහතා අද (01) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී කියා සිටියා.

සමගි ජන බලවේගයේ තරුණ සංවිධානය වන සමගි තරුණ බලවේග ජාතික සංවිධායක චමිත් විජේසුන්දර මහතා X ගිණුමේ පණිවුඩයක් තමබින් කියා ඇත්තේ මෙම තීරණය ඉන්දියාවේ බලපෑම මත ගත් එකක් බවයි.

සිය X ගිණුමේ මෙම සටහන තබා ටික වෙලාවකට පසු එය ඉවත් කරගැනීමටද ඔහු කටයුතු කර තිබෙනවා.

Exit mobile version