Site icon Newshub

රට බේරගන්න එන්න හිටපු ගොඩක් ගමන කැන්සල් කරයි.!

එළඹෙන ජනාධිපතිවරණයේදී ජාතික ජනබලවේගයේ ජනාධිපතිධූර අපේක්ෂක අනුර දිසානායක මහතාගේ ජයග්‍රහණය තහවුරු කිරීම සඳහා යුරෝපයේ සිට මෙරටට පැමිණීමට නියමිතව සිටි ශ්‍රී ලාංකික කණ්ඩායම් රැසක් ඔවුන්ගේ ශ්‍රී ලංකා සංචාර අවලංගු කර ඇතැයි වාර්තා වී තිබේ.

රුසියා – යුක්‍රේන යුද්ධය සහ මැදපෙරදිග පවතින උණුසුම්කාරි වාතාවරණය නිසා එළඹෙන ශීත සෘතුවේදී යුරෝපීය රටවල ඉන්ධන මිල ඉහළ යාමට නියමිතව ඇති අතර එම නිසා එම රටවල ජීවත් වන ශ්‍රී ලාංකිකයින්ගේ පවුල්වල ජීවන වියදම ඉහළයන බවට තොරතුරු වාර්තා වීම නිසා බොහෝ දෙනෙකු සිය ඉතුරුම් ආරක්ෂා කිරීමට පෙළඹී සිටියි.

ශ්‍රී ලංකාවේ මැතිවරණය අවසන් වී ඉතා කෙටි කලකින් යුරෝපයට ශ්‍රීත සෘතුව උදාවේ.

ගුවන් ගමන් අවලංකු කලද, ෆේස්බුක් වැනි සමාජජාල මාධ්‍ය හරහා රට බේරාගැනීමට ඇති අවසන් අවස්ථාවේදී තමන් සතු වගකීම ඉටුකිරීමට කැපවීමෙන් ක්‍රියාකරන බවට ඔවුන් බොහෝ දෙනෙකු පක්ෂයට පොරොන්දු වී තිබේ.

Exit mobile version