Site icon Newshub

ආර්ථික සමෘද්ධිය කරා රට ගෙනයන “පුළුවන් ශ්‍රී ලංකා” එළිදක්වයි

ඉදිරි ජනාධිපතිවරණය වෙනුවෙන් ස්වාධීන අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් වන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ “රනිල් සමඟ රට දිනවන වසර පහක්” ප්‍රතිපත්ති ප්‍රකාශය මීට සුළු මොහොතකට පෙර කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේදී එළිදැක්විණ.

එය “ථෙරවාද වෙළෙඳ ආර්ථිකය, ක්‍රියාන්විතය – 2025න් ඔබ්බට, ප්‍රභාශ්වර සමාජයක් කරා, මව්බිම දිනවමු සහ එකමුතු ශ්‍රී ලංකා” යන ප්‍රධාන අංග 5කින් සමන්විතය

‘පුළුවන් ශ්‍රී ලංකා’ යන දැක්ම මුල් කර ගනිමින් මෙම ප්‍රතිපත්ති ප්‍රකාශය සකස් කර ඇති අතර රට බංකොලොත්භාවයෙන් මුදාගෙන ආර්ථික සමෘද්ධිය කරා ගෙන යෑමේ මූලික පියවර තැබීමත්, ක්‍රම ක්‍රමයෙන් රට දියුණු රාජ්‍යයක් කරා රැගෙන යෑමේ සැලසුම් ඇතුළත් යෝජනා ‘පුළුවන් ශ්‍රී ලංකා’ ප්‍රතිපත්ති ප්‍රකාශයට ඇතුළත් කර තිබේ.

කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේ දී මහා සංඝයා ඉදිරියේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් “පස් වසරක මෙහෙයුම පුළුවන් ශ්‍රී ලංකා” ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදැක්වීය.

එම ප්‍රතිපත්ති ප්‍රකාශය https://www.ranil2024.lk යන වෙබ් අඩවිය හරහා ජනාධිපතිවරයා එළිදක්වනු ලැබීය.

පිටු හැට දෙකකින් යුතු එම ප්‍රතිපත්ති ප්‍රකාශනයේ යොමුව මෙතනින්

 

Exit mobile version