Site icon Newshub

NPP රජයක් යටතේ සමාජ මාධ්‍ය නියාමනය කරනවා

ජාතික ජනබලවේගයේ රජයක් යටතේ නව මාධ්‍ය (New media)  සහ සිනමාව නියාමනයට නව ආයතනයක් පිහිටුවීමට යෝජනා කර තිබේ.

අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ(26දා)  එළිදැක්වු  “පොහොසත් රටක් ලස්සන ජීවිතයක්” ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ 183 පිටුවේ මේබව සඳහන් කර ඇත.

වත්මන් ආණ්ඩුව 2024 අංක 09 දරන මාර්ග ගත ක්‍රමවල සුරක්ෂිතතාව පිළිබඳ පනත ගෙන ඒමේදී එම පනට විරුද්ධ විශාල මතයක් ජනගත කිරීමට  ජාතික ජන බලවේගය කටයුතු කළ අතර  සමාජ මාධ්‍ය නියාමයන මගින් අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය සීමාකරන බැවින් එය අනවශ්‍ය යැයි එවකට ප්‍රකාශ කළේය. එමෙන්ම ඔවුන්ගේ රජයකදී මෙම නීතිය ඉවත් කරන බවද ඔවුන් සඳහන් කළේය.

ඒසේවුවද මේවනවිට සම්මතවී ඇති එම පනත ඉවත් කරනු වෙනුවට එය සංශෝධනය කරන බවද එම ප්‍රතිපත්ති ප්‍රකාශයේ 60 වැනි පිටුවේ සඳහන් කර තිබේ.

“ ප්‍රකාශනයේ නිදහසට බාධාවන වගන්තීන් ඉවත් කර 2024 අංක 09 දරන මාර්ග ගත ක්‍රමවල සුරක්ෂිතතාව පිළිබඳ පනත සංශෝධනය – (පිටුව 60)”

එයටත් අමතරව තවත් අලුතින් ආයතනයක් හදුන්වාදීමට ද ඔවුන් සිය ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන් යෝජනා කර ඇත.

Exit mobile version