Site icon Newshub

“පුළුවන් ශ්‍රී ලංකා” ප්‍රතිපත්ති ප්‍රකාශය බ්‍රහස්පතින්දා

“පුළුවන් ශ්‍රී ලංකා” යන තේමාව මුල්කර ගනිමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය බ්‍රහස්පතින්දා (29) එළිදක්වන බව වාර්තා වනවා.

රට බංකොලොත් භාවයෙන් මුදාගෙන ආර්ථික සමෘද්ධිය කරා ගෙන යෑමේ මූලික පියවර තැබීම සහ ක්‍රම ක්‍රමයෙන් රට දියුණු රාජ්‍යයක් කරා රැගෙන යෑමේ සැලසුම් “පුළුවන් ශ්‍රී ලංකා” ප්‍රතිපත්ති ප්‍රකාශයට ඇතුළත් කර ඇති බව සඳහන් ය.

ශ්‍රී ලංකාවේ සියලු ජන කොටස්වලට යහපත් රටක් ගොඩනැගීම “පුළුවන් ශ්‍රී ලංකා” ප්‍රතිපත්ති ප්‍රකාශයේ මූලික අරමුණක් බව රජයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් පැවසීය.

ඉතිහාසයේ දැවැන්තම ආර්ථික අර්බුදයට මුහුණ දුන් ශ්‍රී ලංකාව ක්‍රම ක්‍රමයෙන් යථා තත්ත්වයට ගැනීමෙන් පසු තවත් ඉදිරිගාමී පියවරක් තැබීම වෙනුවෙන් ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය අවධානය යොමු කර තිබෙන බවද ඔහු කීය.

මේ අතර සමගි ජන සන්ධානයේ ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය ද අනිද්දා (29) නිකුත් කිරීමට නියමිතව තිබේ.

සමගි ජනබලවේගයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති සුජීව සේනසිංහ මහතා පැවසුවේ, අදාළ ප්‍රතිපත්ති ප්‍රකාශයේ සැලසුම් සියල්ල මේ වනවිට අවසන් කර ඇති බවය.

Exit mobile version