Site icon Newshub

ජනතා විමුක්ති පෙරමුණ හදන්නේ වැල් පාලමේ දෙපැත්තෙන්ම කපලා දාන්න

ආර්ථිකය ශක්තිමත් වෙමින් පවතින රට යළිත් කඩා වට්ටමින් වැල් පාලමේ දෙපැත්තෙන්ම කපා දැමීමට ජනතා විමුක්ති පෙරමුණ සුදානම් වන බවත් ඔවුන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශය කියැවීමෙන් පසුව එය පැහැදිලි වන බවත්  ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

එබැවින් මෙවර ජනාධිපතිවරණයේදී ජනතාව ඡන්දය භාවිතා කළ යුත්තේ ජනතාවගේ අනාගතය ගැත සිතා බව ද “පුළුවන් ශ්‍රී ලංකා” මාවනැල්ල ජන හමුව අමතමින් ජනාධිපතිවරයා සඳහන් කළේය.

රටට අමාරු කාළේ පක්ෂ අමතක කරලා රට ගැන හිතන්න කියලා අපිට අපේ නායකතුමා උගන්වලා තිබුණා. 1971 ජවිපේ කැරැල්ල තිබුණු වෙලාවේ විපක්ෂ නායක විදිහට හිටපු ජේ.ආර් ජයවර්ධන මැතිතුමා  රට ස්ථාවර කරගන්න ආණ්ඩුවට සහය දෙනවා කියලා.  ඒ වගේ ම මේ අවස්ථාවෙත් රටට අමාරු අවස්ථාවේ හැමෝම එකතු වෙලා ඉන්නවා. ප්‍රේමදාස ජනාධිපතිතුමා අනුගමනය කරනවානම් ජේ ආර් ජයවර්ධන ජනාධිපතිතුමා අනුගමනය කරනවානම් මේ වෙලාවේ රට ගැන හිතන්න කියලා මම කියන්න කැමතියි.

ගෑස් පෝලිම් තෙල් පෝලිම් තියෙන අවස්ථාවේ මේ හැමෝම දුක් වින්දා. එහෙම අවස්ථාවක ඒක විසඳන්න මම රට භාරගත්තේ. මේ සියලුදෙනා දුන්න සහයෝගය නිසා රට ගොඩගන්න අපිට පුළුවන් වුණා. අද වෙද්දි අපි ආර්ථික ස්ථාවරභාවයට ගමන් කරනවා. ජීවන බර අඩුකරලා තවත් සහන ලබාදෙන්න ආදායම වැඩි කරන්න අපි බලාපොරොත්තු වෙනවා. ආර්ථීකය ස්ථාවර කරලා අපනයන ආර්ථිකයකට පරිවර්ථනය කරන්න අපි බලාපොරොත්තු වෙනවා.  අපි වැඩකළ යුත්තේ අනාගතය ගැන හිතලා.

ඒක කරනවානම් අපි වැල්පාලම සම්බන්ධ වුණ මාර්ග‌යේ යා යුතුයි. එතැනින් ඉවත් වෙන්න බැහැ. සමහරු කියනවා බදු අඩු කරනවා කියලා. වැල් පාලම කපලා දාන්න ඔනේ කියලා. එහෙම උනොත් අපි ගඟට වැටෙනවා. විකල්ප ක්‍රම මොනවද කියලා නැහැ. අදායම අඩුකරලා වියදම් වැඩිකරනවා කියලා කියනවා. කොහොමද එහෙම කරන්නේ.

ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිටු 232 ක් තියෙනවා. මම ඒක කියෙව්වා. හැමෝම එක කියවන්න.  ඒක කියවන්න ටික දවසත් යයි. ඒ අතරේ 21 දා ගිහින් ඡන්දෙ දාන්න අමතක කරන්න එපා.  බ්‍රහස්පතින්දා අපේ සම්පුර්ණ සැලැස්ම සහ දර්ශනය මගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන් ඉදිරිපත් කරනවා. අපි මේ රට ඉදිරියට ගෙනියන්න අවශ්‍යයි. අපි දැන් ඉදිරියට යමු. අපි එකතුවෙලා මේ ගමන යමු.  කෘෂිකර්ම නවීකරණය අපි කළ යුතුව තිබෙනවා.  ඔබේ අනාගතය ගැන ඔබ හිතන්න . අනාගතය නැතිකරගන්නවාද අනාගතය ආරක්ෂා කරනවාද කියලා ඔබ හිතන්න. යැයි සඳහන් කළේය.

කෑගල්ල දිස්ත්‍රික්කයේ පොදුජන පෙරමුණ නියෝජනය කරන මන්ත්‍රීවරුන් සියලුදෙනාම මෙන්ම එක්සත් ජාතික පක්ෂය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු පක්ෂ රැසක මහජන නියෝජිතයෝ මෙම අවස්ථාවට සහභාගී වුහ

 

 

Exit mobile version