Site icon Newshub

අනුරව අපි ගෙන්නුවේ නෑ – රාහුල ආදි සිසු සංගමය කියයි

කිසිදු දේශපාලන පක්ෂයක් හෝ පුද්ගලයෙක් ප්‍රවර්ධනය කිරීමට තම සංගමය පෙනී නොසිටින බව මාතර රාහුල විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමය සඳහන් කරනවා.

එහි ලේකම්වරයා විසින් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ රාහුල විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමය විද්‍යාලීය උන්නතිය සහ සංගමයේ සාමාජිකයන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින ස්වාධීන ආයතනයක් බවයි.

ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක මහතා මාතර රාහුල විද්‍යාලයේ ආදි සිසු හමුවක් විසින් පැවැත්වූ රැස්වීමකට ආරාධිතයෙකු ලෙස කැදවා තිබීම සම්බන්ධයෙන් සමාජ ජාලවල එල්ල වන චෝදනාවන්ට ප්‍රතිචාර දක්වමින් එහි ලේකම්වරයා විසින් මෙම නිවේදනය නිකුත් කර තිබේ.

Exit mobile version