Site icon Newshub

කිසිඳු අපේක්ෂකයකුට කතෝලික සභාවේ විශේෂ සහායක් නෑ – ගරු සිරිල් ගාමිණී පියතුමා

සැප්තැම්බර් 21 වනදා පැවැත්වෙන ජනාධිපතිවරණයේදී කතෝලික සභාව කිසිදු අපේක්ෂකයකුට විශේෂ සහයක් ලබා නොදෙන බව ගරු සිරිල් ගාමිණී පියතුමා පවසනවා.

පියතුමා මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් මේ බව කියා සිටියේ අගරදගුරු හිමිපාණන් සහ කොළඹ පදවියේ සහයක රදගුරු හිමිපාණන්ලා පසුගිය දිනවල අපේක්ෂකයකයින් කිහිපදෙනෙකු මුණ ගැසීම සම්බන්ධයෙන් අදහස් දක්වමින්.

කතෝලික සභාවේ අපේක්ෂාව කුමන අපේක්ෂයා ජයග්‍රහණය කළත් 2019 වසරේ සිදු වූ පාස්කු ප්‍රහාරයේ වින්දිතයින්ට යුක්තිය ඉටුවීම පමණක් බව ගරු සිරිල් ගාමිණී පියතුමන් කියා සිටියා.

අගෝස්තු 15 වැනිදා නාමයෝජනා භාරදීමෙන් පසු අනුර කුමාර දිසානායක (ජා.ජ.බ), සජිත් ප්‍රේමදාස (ස.ජ.බ), නාමල් රාජපක්ෂ (SLPP) සහ ජනාධිපති නීතිඥ ආචාර්ය විජයදාස රාජපක්ෂ (ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ) කොළඹ අගරදගුරු නිල නිවසේදී අගරදගුරුතුමන් හමුවිය.

කිසිදු අපේක්ෂකයකුට විශේෂිත සහයක් හෝ අපේක්ෂකත්වය ප්‍රවර්ධනය කිරීමේ කිසිදු අරමුණක් කතෝලික සභාවට නොමැති බව ගරු සිරිල් ගාමිණි ප්‍රනාන්දු පියතුමා අවධාරණය කළේය.

Exit mobile version