Site icon Newshub

පුළුවන් ශ්‍රී ලංකා ජනහමුවට පැමිණි විශේෂ අමුත්තා

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහ අගමැති දිනේශ් ගුණවර්ධන මහතාට අධ්‍යාපනය ලබාදුන් ගුරුවරයෙකු අද(24දා) මඩකලපුවේ පැවති පුළුවන් ශ්‍රී ලංකා ජන රැලිය එක්විය. ඔහු නමින් සිවලිංගම් වන අතර එවකට රාජකීය විද්‍යාලයේ ගුරුවරයෙක් ලෙස සේවය කර තිබුණි.  තම ගුරැවරයාට කෘතගුණ සැලකීමට ජනාධිපතිවරයා එහිදී අමතක නොකළේය

“රාජකීය විද්‍යාලයේ අපි අවුරුදු දහතුන දාහතරේ වයස්වල ඉද්දි මට ඉගැන්වුව ගුරුවරයෙක් අද මේ වේදිකාවේ ඉන්නවා. ඒ තමයි සිවලිංගම් මැතිතුමා. මට විතරක් නෙවෙයි දිනේශ් ගුණවර්ධන අගමැතිතුමාටත් මෙතුමා උන්වලා තියෙනවා. අනුර බණ්ඩාරනායක කථානායකතුමාටත් මෙතුවා උගන්වලා තියෙනවා. මේ රට ගොඩගැනීමේ ගෞරවයෙන් කොටසක් එතුමටත් ලබාදිය යුතු වෙනවා.

ඒකාලයේ රාජකීය විද්‍යාලයේදී අපිට ඉගැන්වුවා ඇතැන්ස් අධිරාජයේ තරුණයින් කරපු දිවුරුම් ප්‍රකාශ පිළිබඳව. ඒගැන සිංහලෙන් කියනවානම් යම් කිසි බියගුළු ක්‍රියාවකින් හෝ අපි සමඟ දුක් විඳින අනිත් අය අතහැර දාමින් පැනලා ගිහින් අපි අපේ නගරයට අවනම්බුවක් ගෙනත් දෙන්නේ නැහැ කියලා එකේ තියෙනවා. ඒ පුහුණුවීම තිබුණ නිසා තමයි 2022 වෙන කවුරුත් නැති වෙලාවේ මම එතැනට ඇවිත් ඒ වගකීම භාරගත්තේ. ඔබ වෙනුවෙන් සටන් කරන්න ඔබට සහන ලබලා දෙන්නයි තරුණ පරම්පරාවට අනාගතයක් ලබලා දෙන්නයි අපි ඒවිදිහට කටයුතු කළ්. යැයි රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා සඳහන් කළේය.

Exit mobile version