Site icon Newshub

බදු අඩු කළොත් වෙන දේ ජනපති හෙළිකරයි

ජනපතිගේ ජන රැලිය - දඹුල්ල බස් නැවතුම්පලේ සිට සජීවීව

ජනතාව බදු බරෙන් පීඩාවට පත්කිරීමට තමන්ද අකමැති බවත් බදු අඩුකළහොත් යළිත් රට 2022 ට පෙර තත්වයට පත්වනු ඇති බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය.

අද(24දා) දඹුල්ලේදී පැවති පුළුවන් ශ්‍රී ලංකා ජනහමුවට එක්වෙමින් ජනධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේබව ප්‍රකාශ කළේය.

ජනහමුවද සඳහා රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකොන්,  දුමින්ද දිසානායක , හරීන් ප්‍රනාන්දු මහත්වරුන් ඇතුළු මැති ඇමතිවරු රැසක් සහභාගී වුහ.

මෙහිදී ජන හමුව අමතමින් තවදුරටත් අදහස් දැක්වු ජනාධිපතිවරයා මෙසේද ප්‍රකාශ කළේය,

“මම මේ තනතුර භාරගත්තේ ඔබ වෙනුනෙන්. ඔබට සහන ලබාදෙන්න ඔබ වෙනුවෙන් සටහන් කරන්න තරුණ පරපුරට අනාගතයක් දේන්න , රට නිවැරදි දිශාවකට ගෙනියන්න අවශ්‍ය නිසා තමයි මම මේ තනතුර භාරගත්තේ.

රටේ ස්ථාවරභාය ඇතිකරන්නත් රටේ තිබුණ අවුල් නැතිකරන්නත් මම ක්‍රියාකලා. මම එක කණ්ඩායමක ජනාධිපති නොවී මම ඉදිරියට ආවා. අරගලයේ තරුණ තරුණියෝ ඉල්ලපු වෙනස්කම් ගැන මම ඇහුම්කන් දුන්නා. මම ඒක ආරම්භකලා. දැන් මම ඉල්ලා සිටිනවා රට ඉදිරියට ගෙනියන්න මට සහයෝගය දෙන්න කියලා මම ඉල්ලා සිටිනවා. විකල්ප අගමැති ලෙස විපක්ෂ නායකතුමාටත් වගකීමක් තියෙනවා ජනතාව ආරක්ෂාකරන්න. නමුත් විපක්ෂ නායකතුමා ඒක කළේ නැහැ. දුවලා ගිහින් හැංගුණා.

උරුමය තුළින් ලක්ෂ 20 ට සින්නක්කර ඔප්පු දෙනවා කියලා මම කියන්න කැමතියි. ඒ වැඩසටහන ආරම්භකළේ දඹුල්ලෙන් . දැන් ඡන්දෙ නිසා ඒක නවත්වලා තියෙන්නේ ඡන්දෙන් පස්සේ වෙනම අධිකාරියක් ඇතිකරලා අවුරුදු තැනක් ඇතුළත ඒ වැඩඅවසන් කරන්න මම බලාපොරොත්තු වෙනවා. අයිතියි නැති අයට අයිතිය ලබාදෙනවා. වෙන කිසිම ආණ්ඩුවක් ඒක කළේ නැහැ.  දඹුල්ල ප්‍රදේශයේ වී වගාව හෙක්ටයාරයකට මෙට්‍රික් ටොන් 08 ක් දක්වා අපි දියුණු කරනවා. ඒවගේම තවත් සහන දෙන්න 2025 රුපියල තවත් ශක්තිමත් කරන්න අපි කටයුතු කරනවා.  තව අවුරුදු තුනක් යනකොට මේ ප්‍රශ්න විසඳලා අපිට ඉදිරියට යන්න තියෙනවා.

මමත් ආසයි බදු නැති කරන්න . හැබැයි බදු නැති කළොත් ආපහු රට 2022 ජුනි මාසයට යනවා. ඒකයි කියන්නේ බදු අඩුකරන අයට දෙන්න එපා කියලා දුන්නොත් රට නැතිකරනවා.  අපි රට ආරක්ෂා කරමු. තව අවුරුදු තුනත් යනකොට මේ ප්‍රශ්න විසඳලා අපිට ඉදිරියට යන්න පුළුවන්. යැයි පැවසීය.

Exit mobile version