Site icon Newshub

පුළුවන් කියන ආත්ම විශ්වාසය අපිට දුන්නෙත් ජනපතිතුමනි ඔබතුමා – ප්‍රමිත

ජනපතිගේ ජන රැලිය - දඹුල්ල බස් නැවතුම්පලේ සිට සජීවීව

“අසීරු අවස්ථාවකින් රට ගොඩ ඒමට පුළුවන් කියන ආත්ම විශ්වාසය අපි තුළ ඇතිකළොත් ජනාධිපතිතුමනි ඔබතුමා. අපි ඔබතුමාට ඒ වෙනුවෙන් විශේෂයෙන්ම ස්තූතිත කළ යුතුයි” යැයි ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා ප්‍රකාශ කළේය.

දඹුල්ලේදී අද(24දා) සංවිධානය කර තිබු පුළුවන් ශ්‍රී ලංකා ජනහමුව අමතමින් රාජ්‍ය අමාත්‍යවරයා මේබව ප්‍රකාශ කළේය.

“අවුරුදු දෙකකට කලින්  මිනිස්සු විඳපු දුක අපිට හොදට මතකයි. ඔබතුමාට විතරයි පුළුවන් කියන හැගීම ආවේ. ජනතාව ප්‍රශ්න වලින් මුදවාගන්න වුවමනාවක් තිබ්බේ ජනාධිපතිතුමාට පමණයි. අනිත් නායකයෝ ප්‍රශ්නය තවත් වැඩි කරන්න උත්සහ කළා විතරයි කළේ. ඔබේ දුක වේදනාව ඔවුන්ට ප්‍රශ්නයක් වුනේ නැහැ. පුළුවන් කියන ආත්ම විශ්වාසය අපිට දුන්නෙත් ඔබතුමා. මේක බරපතල තීන්දුවක්. ඒක ලේසිපහසු තීන්දුවක් නෙවෙයි. ඔබතුමාට ඡන්දෙ දෙන්න ගත්තු තීරණයත් ඒවගේම තමයි. සතුරා දැක්කාම පැනලා ගියොත් හමුදාවේ ඉන්න බැහැ. ප්‍රශ්න හමුවේ පැනලා නොගිය එකම නායකයා ඔබතුමා. මේ නිසා යළිත් වරක් ජනාධිපති ලෙස ඔබතුමා පත්කරගන්න අපි සුදානම්” යැයි ප්‍රකාශ කළේය.

Exit mobile version