Site icon Newshub

අනුර ජනාධිපති වුනාට රට පාලනය කරන්නේ අපි කණ්ඩායමක් – තනි කෙනෙකුට ප‍්‍රාතිහාර්යය පාන්න බෑ – ටිල්වින්

ජාතික ජන බලවේගයේ නායක ජනාධිපතිධුර අපේක්ෂක අනුර දිසානායක රටේ ජනාධිපති වුවත් රට පාලනය කරන්නේ කණ්ඩායමක් විසින් බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පවසනවා.

YouTube චැනලයක සම්මුඛ සාකච්ඡාව මහතා මේ බව සඳහන් කළා.

එනමුත් ජාතික ජන බලවේග නායක අනුර දිසානායක මහතා ජනාධිපති වූ පසු ඔහුව ඉදිරියෙන් තබා පසුපස සිට කිසිවකු රට පාලනය කරන්නේ නැති බවත් එමෙන්ම ඔහු ඒකාධිපතියෙකු ලෙස රට පාලනය නොකරන බවත් ඒ මහතා මෙහිදී කියා සිටියා.

තනි කෙනෙකුට මහා ප්‍රාතිහාර්යයක් පෑ හැකි යැයි විශ්වාස නොකරන බවද අනුර දිසානායක මහතාගේද අදහස එය බවත් සඳහන් කළ ටිල්වින් සිල්වා මහතා කියා සිටියේ කන්ද්යාමක් ලෙස පොදු අදහස් ඇතිව තීරණ ගනු ලබන බවයි.

Exit mobile version