Site icon Newshub

ඕස්ට්‍රේලියාවේ යුනයිටඩ් පෙට්‍රෝලියම් ශ්‍රී ලංකාවේ මෙහෙයුම් අරඹයි

ඕස්ට්‍රේලියාවේ යුනයිටඩ් පෙට්‍රෝලියම් සමාගම ශ්‍රී ලංකාවේ මෙහෙයුම් කටයුතු ආරම්භ කර තිබෙනවා.

ඒ අනුව මෙරට ඉන්ධන වෙළදපොළට පිවිසෙන ඔවුන්, ඉන්ධන පිරවුම් හල් 150 කින් ඉන්ධන බෙදාහැරීමේ කටයුතු ලබන මාසයේ එනම් සැප්තැම්බර් මස ආරම්භ කරනු ලබයි.

ඕස්ට්‍රේලියානු සමාගමක් වන යුනයිටඩ් පෙට්‍රෝලියම්, ලංකා ඉන්දියානු තෙල් සමාගම, සයිනොපැක් සමාගම, ආර් එම් පාක්ස් – ශෙල් සමාගම යන සමාගම් වලට පසුව මෙරට ඉන්ධන වෙළදපොළට පිවිසෙන සිව්වැනි සමාගමයි.

ඕස්ට්‍රේලියාවේ යුනයිටඩ් පෙට්‍රෝලියම් සමාගම ශ්‍රී ලංකාවේ තුළ සිය මෙහෙයුම් දියත් කිරීමේ සමාරම්භක උළෙල “welcome to United” ඊයේ(22) ITC රත්නදීප හෝටලයේ දී පැවැත්විණි.

එම අවස්ථාව සඳහා විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා සහ ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියාවේ මහ කොමසාරිස් පෝල් ස්ටෙෆන්ස් මහතා (Mr Paul Stephens) සහභාගී විය. ශ්‍රී ලංකාව තුළ යුනයිටඩ් පෙට්‍රෝලියම් සමාගමේ මෙහෙයුම් ආරම්භ කිරීම අමාත්‍යවරයා මෙහිදී නිල වශයෙන් පිළිගත්තේය.

මෙම සමාරම්භක උත්සවය අතර වාරයේ යුනයිටඩ් පෙට්‍රෝලියම් සමාගමේ ප්‍රථම තෙල් නෞකාව ආරක්ෂිතව කොළඹ වරායට සේන්දු වී ඇති බව නිවේදනය කළේය.

Exit mobile version