Site icon Newshub

 ජූලි මාසයේ  අපනයන ආදායම ඩොලර් බිලියනය ඉක්මවයි

ශ්‍රී ලංකාව පසුගිය ජුලි මාසයේදී අපනයන ආදායම ඩොලර් බිලියනය ඉක්මව තිබේ.

ශ්‍රී ලංකා රේගුව විසින් නිකුත් කරන ලද තාවකාලික දත්ත වලට අනුව, 2024 ජූලි මාසයේදී වෙළඳ භාණ්ඩ අපනයන කාර්ය සාධනය ඇමෙරිකානු ඩොලර් මිලියන 1,087.6 ක් විය.

එය 2023 ජූලි මාසයට සාපේක්ෂව 6.58% ක වර්ධනයක් වාර්තා කර ඇති බව ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය නිවේදනය කර සිටී.

මෙයට ප්‍රධාන වශයෙන් ඇඟලුම් සහ රෙදිපිළි, තේ, පොල් ආශ්‍රිත නිෂ්පාදන, කුළුබඩු හා සාන්ද්‍රිත නිෂ්පාදන සහ මුහුදු ආහාර අපනයනයෙන් ඉපැයීම් ඉහළ යාම හේතු වී තිබේ.

තවද, 2024 ජූනි මාසයට සාපේක්ෂව 2024 ජූලි මාසයේ අපනයන කාර්ය සාධනය 0.98% කින් වැඩි වි ඇත.

2024 ජූලි මාසය සඳහා ඇස්තමේන්තුගත සේවා අපනයන වටිනාකම ඇමෙරිකානු ඩොලර් මිලියන 293.26 ක් වූ අතර එය 2023 අනුරූප කාලපරිච්ඡේදයට වඩා 16.44% කින් වැඩි වි තිබේ.

එහි ප්‍රතිඵලයක් වශයෙන්, 2024 ජූලි මාසය සඳහා වෙළඳ භාණ්ඩ සහ සේවා යන දෙඅංශයෙන්ම මුළු අපනයනය, 2023 අනුරූප කාලපරිච්ඡේදයට වඩා 8.53% ක වර්ධනයක් සහිතව ඇමෙරිකානු ඩොලර් මිලියන 1,380.84 ක් ලෙස වාර්තා වි ඇත.

Exit mobile version